News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

IOC තෙල් මිල ආයෙත් ඉහළ යයි. අලුත්ම මිල ගණන් මෙන්න.

791 Views


IOC තෙල් මිල ආයෙත් ඉහළ යයි. අලුත්ම මිල ගණන් මෙන්න.

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ කාටත් හොරෙන් ඉන්ධන මිලා ඉහළ ගියා. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තමයි මේ විදියට තෙල් මිල වැඩි කරලා තියෙන්නේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අද සිට රුපියල් 146 ක් වෙනවා. හැබැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 145 කට.

IOC සමාගමේ එක්ස්ට‍්‍රා පී‍්‍රමියම් යුරෝ 3 පෙට‍්‍රල් ලීටරයක අලුත් මිල රුපියල් 149 ක්. එක්ස්ට‍්‍රා පි‍්‍රමියම් ඔක්ටේන් 95 යුරෝ 4 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 158ක් වෙනවා. ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 155 ක් විතරයි.

IOC සමාගම ඔටෝ ඞීසල් ලීටරයක් දැන් අලෙවි කරන්නේ රුපියල් 118 ට. යුරෝ 4 සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 129 ක් වෙනවා. ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඞීසල් සහ සුපර් ඞීසල් මිලත් මීට සමානයි. IOC සමාගමේ ඞීසල් එක්ස්ට‍්‍රා මයිල් ලීටරයක මිල රුපියල් 122 ක්.


News Articles
Latest Videos
Most Popular Post