News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

බන්ධනාගාරයේ ඉන්න අර්ජුන් ඇලෝසියස්ගේ කොට්ටය යට ජංගම දුරකතනයක්.

538 Views


බන්ධනාගාරයේ ඉන්න අර්ජුන් ඇලෝසියස්ගේ කොට්ටය යට ජංගම දුරකතනයක්.

බැඳුම්කර වංචාවට චෝදනා ලබලා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ වෙද්දී ඉන්නේ බන්ධාගාර ගත කරලා. ඔවුන් රඳවා සිටි H වාට්ටුවේ විශේෂ සෝදිසි කිරීමක් කරලා තිබ්බා.

ඒ අවස්ථාවේ එහි සඟවා තිබූ ජංගම දුරකතන 3ක් සහ සිම් කාඩ්පත් 5ක් සොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. එක ජංගම දුරකතනයක් අර්ජුන් ඇලෝසියස් මහතා නිදා ගන්නා කොට්ට අතර සඟවා තිබීයදී සොයා ගෙන තියෙන්නේ.

ඔවුන්ට එරෙහි නඩුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් මේ බව අධිකරණයට දැනුම් දුන්නා. ඒ ගැන විශේෂ පරීක්ෂණයක් බන්ධානාගාර බුද්ධි අංශ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ආරම්භ කරලා තියෙනවා.

ඊට අමතරව මැගසින් බන්ධනාගාර අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. පරීක්ෂණ වාර්තා අනුව ඔවුන්ව වෙනත් වාට්ටුවකට හෝ වෙනත් බන්ධනාගාරයකට මාරු කරනවද නැද්ද කියලා තීරණය කරන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post