News Line| Off Air| Games
Generic placeholder image

Jul
7

FIFA ලෝක කුසලානය යලිත් උඩු යටුකුරු වෙයි. සුපිරි බ්‍රසීලය සහ උරුගුවේ ගෙදර යයි.

1285 Views


FIFA ලෝක කුසලානය යලිත් උඩු යටුකුරු වෙයි. සුපිරි බ්‍රසීලය සහ උරුගුවේ ගෙදර යයි.

FIFA ලෝක කුසලානයේ තවත් උණුසුම් තරඟ වටයක් ඊයේ ආරම්භ වුණා. ඒ අර්ධ අවසන් පූර්ව තරඟ වටය. ෆිෆා කුසලානය තවත් උඩු යටුකුරු කරමින් ප්‍රභල කණ්ඩායම් දෙකකට තරඟාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා.

ප්‍රංශය සහ උරුගුවේ අතර තිබ්බ තරඟයෙන් ගෝල 2 – 0 ක් විදියට ජය ගන්න ප්‍රංශය සමත් වුණා. පළවෙනි අර්ධයේ 40 වන විනාඩියේදී ප්‍රංශය පළවෙනි ගෝලය වාර්තා කරා. 61 වන මිනිත්තුවේදී දෙවෙනි ගෝලය වාර්තා කළ ප්‍රංශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ප්‍රභල බ්‍රසීලය සහ බෙල්ජියම අතර තරඟයෙන් ගෝල 1 – 2 ක් විදියට තරඟය ජය ගන්න බෙල්ජිම සමත් වුණා. 13 වෙනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ බෙල්ජියම ගෝල ලබා ගැනීම ආරම්භ කළා. 31 වෙනි මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කරන්න බෙල්ජියමේ Kevin De Bruyne සමත් වුණා.

දෙවෙනි අර්ධයේදී ගෝල ලබා ගන්න බ්‍රසීලය දැඩි උත්සාහයක නිරත වුණා. 76 වන මිනිත්තුවේදී බ්‍රසීලයේ එකම ගෝලය වාර්තා කරන්න Renato Augusto සමත් වුණා.

https://youtu.be/t8IK0ZqfxNI


News Articles
Latest Videos
Most Popular Post