පිටකොටුව ප‍්‍රධාන වීදියේ රෙදිපිලි වෙලදසැල් 02 ක මීට සුලූ මොහොතකට පෙර හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව පොලිසිය පවසනවා. ගින්න නිවීම සදහා ගිනි නිවන හමුදාවේ රථ 02 ක් ඇතුලූ පොලිසියේ මෙන්ම ප‍්‍රදේශවාසීන්ගේ සහාය ලබාගෙන තිබුණා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මේ වෙද්දී ගින්නෙන් අලාභ හානි වූ ගොඩනැගිලි වල සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවයි පොලිසිය සදහන් කළේ.
https://www.facebook.com/100011432239041/videos/762955280762206/
https://www.facebook.com/100011432239041/videos/762955430762191/