News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
7

රට වටේම මුහුද රළු වෙයි. – කාලගුණයෙන් අනතුරු අඟවීමක්.

1086 Views


රට වටේම මුහුද රළු වෙයි. – කාලගුණයෙන් අනතුරු අඟවීමක්.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගයේ ඉහල යාමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගූණ විද්‍යන්‍ා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 55 ක් පමණ දක්වා ඉහල යන්න පුළුවන් කියලා.

එවිට එම මුහුදු ප‍්‍රදේශ රළු වෙන්න පුළුවන්. ඒ නිසා ධීවර හා නාවික ප‍්‍රජාව ඒ පිලිබදව සැලකිලිමත් විය යුතු වෙනවා. කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ මධ්‍යම සබරගමුව දකුණ බස්නාහිර වයඹ සහ උතුරු මැද පලාත් වලත් මොණරාගල සහ මඩකලපුව යන දිස්කත‍්‍රික්ක වලත් පැයට කිලෝමීටර 55 ක් දක්වා වන තද සුලං අපේක්ෂා කරන බවයි.

මේ අතර බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පලාත් වලත් ගාල්ල මාතර දිස්ත‍්‍රික්ක වලත් අද දිනයේදී වැසි ඇති වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post