News Line| Off Air| Games
Generic placeholder image

Jul
8

“අයියා මට හොඳ ආදරවන්තයෙක් වගේම හොඳ සැමියෙක්.” – මේනකා පීරිස් කලකට පසු පෞද්ගලික ජීවිතය ගැන කියයි.

1033 Views


“අයියා මට හොඳ ආදරවන්තයෙක් වගේම හොඳ සැමියෙක්.” – මේනකා පීරිස් කලකට පසු පෞද්ගලික ජීවිතය ගැන කියයි.

මේනකා පීරිස් කියන්නේ දක්ෂ නර්තන ශිල්පිණියක් වගේම දක්ෂ නර්තන ශිල්පිණියක්. මේ දවස්වල විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයකම මේනකා රංගනයෙන් එක වෙනවා. කාර්යබහුල ජිවිතය අතරේ තමන්ගේ පෞද්ගලික ජීවිතය ගෙවෙන්නේ කොහොමද කියල ඇය සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මේ විදිහට…

මේනකා… කොහොමද ඉතින් ජීවිතේ…?
ජීවිතේ හොඳින්… නටනවා, රඟපානවා. ඒ දේවලුත් එක්ක හරිම සතුටින් කාලය ගෙවිලා යනවා. මේ දවස්වල මම රඟපාපු ටෙලිනාට්‍යය කිහිපයක්ම විකාශනය වෙනවා. ඒවාවල තවමත් ෂූටිං එහෙමත් තියෙනවා. වැඩත් එක්ක ටිකක් කාර්යබහුලයි. හැබැයි ඉතින් මම වැඩකරන්න ආසයි.

මේ දවස්වල රූපවාහිනි නාළිකා කිහිපයකම විකාශනය වන ටෙලිනාට්‍ය කිහිපයකම මේනකා රඟපානවා…?
ඔව්.. ඒ ගැනනම් සතුටුයි… සිතින් පියවර, කිරුලී, උරුමයක අරගලය, මිනිගන්දෑල වගේ නාට්‍යවල මම රඟපානවා. ඒවා විකාශනය වෙනවා වගේම තවමත් ෂූටිං තියෙනවා. ඉතින් හැම දවසකම වැඩ. ඒ චරිත වුණත් එකිනෙකට වෙනස්. ඉතින් ඒ නිසාත් මම ඒ චරිතවලට ආසයි.

ඔය මොන වැඩේ තිබුණත් මහත්තයාගේ අධ්‍යක්ෂණයටත් මුල්තැන දුන්නා නේද…?
මෙහෙමයි… පූරි ලියද්දී මට අයියාව මුණගැහිලා තිබුණෙත් නැහැ. ඉතින් අපි යාළුවුණාට පස්සේ අයියා ඒ කතාව මට පෙන්නුවා. ඒත් එක්කම එයා කියපු දෙයක් තමයි මේ කතාව කරනවා නම් ඔයා මේකේ පූරි වෙන්න කියලා. හැබැයි ඉතින් දැන් හැමෝම කියන්නේ අයියා දවසක හොඳ අධ්‍යක්ෂකවරයෙක් වෙයි කියලා.

මේනකා මොන වැඩ තිබුණත් පුංචි එවුන් වටකරගෙන නටන එකනම් නතර කරලා නැහැ වගෙයි…?
අනේ ඔව්… ඒක මගේ සතුටක්. පුංචි පැටව්න්ට නැටුම් කියලා දෙන එක තරම් සතුටක් තවත් නැහැ. මම සෙනසුරාදා ඉරිදා ගල්කිස්සේ නැටුම් පන්ති කරනවා. මම එනකම් ඒ දරුවෝ බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්. ඇත්තටම පුංචි දරුවන් එක්ක කාලය ගතකරද්දී අපිත් ඒ දරුවන්ගේ ලෝකේට යනවා. මොන වැඩ තිබුණත් ඒ දරුවන්ට නැටුම් කියලා දෙන කටයුත්ත මම කරන්නේ ආසාවෙන්.

ඔය අතරේ මේනකාගේ හොඳම ගෝලයකුත් දැන් රියැලිටි වැඩසටහනක නටනවනේ. ඒ ගෝලයා ගැන මොකද හිතෙන්නේ…?
ඔය කියන්නේ රනිල් අයියා ගැනනේ. මේ වැඩසටහන අපි දෙන්නට ආරාධනා කරද්දී නටන්න බැරි නිසා අයියා මුලින් ටිකක් අකමැති වුණා… ඉතින් පස්සේ කොහොම හරි කැමති කරගෙන අපි පුහුණුවීම් එහෙමත් කළා. හොඳ ප්‍රතිචාර ලැබුණා. වට තුනක් ජයග්‍රහණය කළා. ඇත්තටම ඒ ගැන සතුටුයි.

රනිල් කියන්නේ අද වෙද්දී රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. මේනකා වැඩියෙන්ම රනිල්ව දකින්න කැමති කවුරු විදිහටද…?
අයියා අධ්‍යක්ෂණයට හරි කැමතියි. ඒක කාලයක් තිස්සේ එයාගේ හිතේ තිබුණු හීනයක්. ඉතින්… ඒ වගේම අයියා මට හොඳ ආදරවන්තයෙක් වගේම හොඳ සැමියෙක්. අයියා එක්ක අද මම ජීවිතේ හරි අපූරුවට විඳිනවා.


News Articles
Latest Videos
Most Popular Post