News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

ඉතිහාසයේ වැඩිම ජන ගඟක් සහභාගී වූ අනුරාධපුර පිච්ච මල් පූජාව අති සාර්ථකව නිමා වූ වගයි…(VIDEO / PHOTOS)

3072 Views


ඉතිහාසයේ වැඩිම ජන ගඟක් සහභාගී වූ අනුරාධපුර පිච්ච මල් පූජාව අති සාර්ථකව නිමා වූ වගයි…(VIDEO / PHOTOS)

අනුරාධපුර රුවන්වැලිසෑ පුද බිම කේන්ද්‍ර කර ගනිමින් මහා පිච්ච මල් පූජාව ඊයේ සිදු කෙරුණා. ඒ ලංකාවේ නන් ආපු ලක්ෂ සංඛ්‍යාත පැමිණි බැතිමතුන්ගේ සහභාගීත්වයෙන්. ඊයේ හවස 02ට පමණ පිච්ච මල් රැගත් පෙරහර ථුපාරාම පරිශ‍්‍රයෙන් ආරම්භ කෙරුණා.

පෙරහර රුවැන්වැලි මහා සෑය පසු කරමින් වැඩම කරවනු ලැබුවේ ජය ශ‍්‍රී මහා බෝ මලූව දක්වා යි. සුදු වතින් නිර්මාංශව පැමිණි බැතිමතුන් පිච්ච මල් අතැතිව මල් පෙරහරට එක්වෙලා හිටියා. ජය ශ‍්‍රී මහා බෝ මලූව දක්වා පෙරහර වැඩම කරවීමෙන් පසුවයි පිච්ච මල් පූජාව ආරම්භ කෙරුනේ.

මහා පිච්ච මල් පූජාව සදහා ලක්ෂ 12 ක පමණ බැතිමතුන් පිරිසක් ඇවිත් හිටියා. පිච්ච මල් පුජාවට ඉතිහාසයේ වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වුණ පළවෙනිම අවස්ථාව මෙය ඉතිහාසයට එක්වෙනවා.

ශාන්ති පදනම විසින් මෙම පිච්ච මල් පූජාව සංවිධානය කලේ 29 වන වරටයි. සියත FM, සියත TV විසින් මේ සඳහා බැතිබර මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබා දුන්නා.

https://www.facebook.com/buddika.wasantha.7/videos/10156630804491979/


News Articles
Latest Videos
Most Popular Post