ඉන්දියානු සිනමාවේ ප්‍රේක්ෂකයන් වැළඳගත් ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් තමයි Dhoom කියන්නේ. ඒ වගේම Dhoom 1, Dhoom 2, Dhoom 3, කියන්නේ පහුගිය වසර වල අති සාර්ථක අදායම් වාර්තා තබමින් තිරගත වුණ චිත්‍රපට මාලාවක්. ඉතින් මේ චිත්‍රපට මාලාවේ සිව්වැන්න Dhoom 4 චිත්‍රපටය 2020 දී තිරගත කරන්න ලෑස්තියි කියල බොලිවුඩයෙන් වාර්තා වෙනවා.
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආදිත්‍ය චොප්රා (රාණි මුඛර්ජිගේ සැමියා). ආදිත්‍ය නම් කියන්නේ Dhoom 4 චිත්‍රපටයට බොලිවුඩයේ සුපිරි නළු, නිළියන් කිහිපදෙනක්ම සම්බන්ධ කරගන්න සූදානමින් ඉන්නවා කියලයි. මේ වෙද්දී සුපිරි බොලිවුඩ් නළුවන් දෙන්නෙක් වන සල්මන් ඛාන් සහ රන්විර් සිං ගිවිසුම් අත්සන් කරලත් ඉවරයි කියලයි ආරංචි වෙන්නේ.
කොහොම වුණත් සල්මන් නම් කියන්නේ, ‘භරත්’, ‘ඩබාන්ග් 3 සහ ‘ඉන්සාල්හා’ චිත්‍රපටිවල වැඩ කටයුතු ඉවරවෙලා මේ චිත්‍රපටියට සම්බන්ධ වෙනවා කියලයි.