දීර්ඝ කාලයකට පස්සේ පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්න එංගලන්ත කණ්ඩායම සමත් වුණා. මේ නිසා එංගලන්තය එකම සැණකෙළියක් වෙලා තියෙන්නේ. ඒ වගේම විශාල එංගලන්ත පාපන්දු ලෝලීන් පිරිසක් රුසියාව බලා පිටත් වෙමින් ඉන්නවා කියලා බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් රැගත් ගුවන් යානා මේ වෙද්දී ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. හැබැයි ජාත්‍යාන්තර පාපන්දු විචාරකයින් පවසන්නේ එංගලන්ත කණ්ඩායමට FIFA ලෝක කුසලානය දිනා ගැනීමට අවස්ථාවක් නෑ කියලා. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම අහඹුවක් කියලයි ඔවුන් කියන්නේ.
පාපන්දු ලෝක කුසලානයේ ප‍්‍රංශය සහ බෙල්ජියම අතර අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙනවා. එත් එක්කම සත්කාරක රුසියාව එකම සැණකෙළියක් වෙලා තියෙනවා.
හෙට පැවැත්වෙන තරගයෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නේ ප‍්‍රංශය ද බෙල්ජියම ද යන්න නිගමනය කරන්න බොහෝ විනෝද කී‍්‍රඩා එරට වීදිවල සංවිධානය කරලා තියෙනවා.
කොහොම වුනත් හෙට පැවැත්වෙන අවසන් පූර්ව තරගය ජය ගන්න ප‍්‍රංශයට වැඩි අවස්ථාවක් තියෙනවා කියලයි බොහෝ දෙනා කියන්නේ. පාපන්දු ලෝක කුසලානයේ අනෙක් අවසන් පූර්ව තරගය අනිද්දා පැවැත්වෙන්නේ ක්‍රොඒෂියාව සහ එංගලන්තය අතර.