News Line| Off Air
Generic placeholder image

Jul
9

විශ්‍රාම යන දවසේ ගුරුවරයෙක්ට වගේ උපහාර පුදපු මහානාම කැන්ටිමේ මදනායක අංකල්.

28276 Views


විශ්‍රාම යන දවසේ ගුරුවරයෙක්ට වගේ උපහාර පුදපු මහානාම කැන්ටිමේ මදනායක අංකල්.

පාසලේ ගත කරන අවුරුදු 13 ඇතුලත විවිධ පුද්ගලයින් අපිට සමීප වෙනවා. යහළුවන් වගේම ගුරුවරුන් ඒ අතරින් ප්‍රධානයි. අපිට උගන්වපු ගුරුවරයෙක් හෝ ගුරුවරියක් විශ්‍රාම යද්දී උපහාර දක්වනවා. ඒ ඔවුන් අපි වෙනුවෙන් කරපු සේවයට කලගුණ දක්වන්න.

හැබැයි කවදාවත් අපි පාසලේ කැන්ටිමේ වැඩ කරපු මාමා විශ්‍රාම යද්දී උපහාර පුදකරලා තියෙනවද? අවුරුදු 38 ක් කොළඹ මහානාමේ සිසුන්ට කන්න බොන්න දුන්න මදනායක අංකල් විශ්‍රාම යන දවසේ ඔවු වෙනුවෙන් ලොකු උත්සවයක් මහානාම සිසුන් පැවැත්වුවා.

අවුරුදු 38 ක කාලයේදී මදනායක අංකල්ගේ ප්ලේන්ටියක් තොල නොගාපු කොළඹ මහානාමේ සිසුවෙක් නැති තරම්. බර්ටි වික්‍රමසිංහ මදනායක මහතා 1980 ජනවාරි මාසයේදී තමයි කොළඹ මහානාමයට එන්නේ. ඔහුගේ උපන් ගම ගාල්ලේ අක්මීමන. මේ අවුරුදු 38 කාලයේදී ගුරුවරුන් වගේම සිසුන්ගේ හදවත් වලට සමීප වෙන්න මදනායකට පුළුවන් වුණා.

විවධ රටවල ජීවත් වෙන කොළඹ මහානාමේ ආදී සිසුන් පවා මදනායක මහතාට තෑගී භෝග එවලා තිබ්බා. අතේ සල්ලි නැති වෙලාවටත් මදනායක අංකල් කෑම දුන්නා කියලා ආදී ශිෂ්‍යයින් අපිත් එක්ක කිව්වා. ඒ කලගුණ තමයි අද මේ විදියට මදනායක අංකල්ට මනාමේ ආදී සහ වත්මන් සිසුන් පුද කරේ.


News Articles
Latest Videos
Most Popular Post