News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

“තද සුළං නිසා ඉදිරි පැය 24 අවදානම්” – කාලගුණය අනතුරු අඟවයි.

1086 Views


“තද සුළං නිසා ඉදිරි පැය 24 අවදානම්” – කාලගුණය අනතුරු අඟවයි.

කාලයක් අතුරුදහන් වෙලා තිබ්බ වැස්ස ආයෙත් ලංකාවට ඇවිත්. මේ දවස් කිහිපයේ කොළඹ ඇතුලූ දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇද හැලෙමින් තියෙනවා.

බස්නාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත් වලත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේත් වැසි ඇති වෙනවා කියලා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ වගේම දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය ඉහළ යා හැකියි කියලා ඔවුන් දැනුම් දෙනවා.

උතුර, උතුරු මැද හා වයඹ පළාත් වලත් මාතලේ ත‍්‍රිකුණාමලය අම්පාර මොණරාගල හා හම්බන්තොට දිස්ත‍්‍රික්ක වලත් පැයට කිලෝ මීටර 50 ක් පමණ වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

පුත්තලම සිය කන්කසන්තුරය හරහා ත‍්‍රිකුණාමලය දක්වා හා පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝ මීටර 65 ක් පමණ දක්වා ඉහළ යන්න පුළුවන්.

ඒ මුහුදු ප‍්‍රදේශ දැඩි ලෙස රලූ වීමේ අවදානමක් තියෙනවා. මේ නිසා ධීවර හා නාවික ප‍්‍රජාව මේ පිළිබදව අවදානයෙන් ඉන්න කියලා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post