News Line| Off Air
Generic placeholder image

Jul
10

තවත් රාජ්‍ය අමාත්‍යවරු දෙන්නෙක් දිව්රුම් දෙයි.

586 Views


තවත් රාජ්‍ය අමාත්‍යවරු දෙන්නෙක් දිව්රුම් දෙයි.

දවසින් දවස අලුත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිව්රුම් දෙනවා. අදත් නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් දිව්රුම් දුන්නා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේදීයි. නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ලකී ජයවර්ධන මහතායි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී. අලවතුවල මහතා දිවුරුම් දුන්නා. ලකී ජයවර්ධන මහතා මීට පෙර කටයුතු කළේ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

ජේ.සී. අලවතුවල මහතා මීට පෙර ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.


News Articles
Latest Videos
Most Popular Post