News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

බස් සහ තිරෝද රථ සංගම් ආයෙත් ගාස්තු වැඩි කරන්න ඉල්ලයි.

547 Views


බස් සහ තිරෝද රථ සංගම් ආයෙත් ගාස්තු වැඩි කරන්න ඉල්ලයි.

ජනපති, අගමැති සහ මුදල් ඇමති අතර තිබ්බ සාකච්ඡාවකින් පස්සේ ඊයේ රාත්‍රියේ ඉඳන් ආයෙත් තෙල් මිල වැඩි වුණා. තෙල් මිල වැඩි වෙනවත් එක්කම මුලින්ම කෑගහන පිරිසක් තමයි බස් සංගම්.

සුපුරුදු පරිදි ඔවුන් ආයෙත් බස් ගාස්තු වැඩි වීමක් ඉල්ලා සිටිනවා. සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප‍්‍රියංජිත් මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කිව්වේබස් ගාස්තු ඉහල නොදැම්මොත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙනවා කියලා.

මේ සම්බන්ධයෙන් සියත FM ප‍්‍රවෘත්තී අංශය සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් ද විමසීමක් කලා. ඔහු කිව්වේ ඒ ගැන කිසිම ප්‍රකාශයක් කරන්නේ නෑ කියලා.

සමස්ථ ලංකා ත්‍රිරෝද රථ හිමියනුත් ඉන්ධන සහනාධාරයක් ඉල්ලා සිටිනවා. එහෙම නැති වුනොත් දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා කියලා එහි සභාපති සුනිල් ජයවර්ධන මහතා සියතට සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post