Faebook සමාගමට මේ අවුරුද්ද නම් එච්චර හොඳ එකක් වුණේ නෑ. අවුරුද්දේ මුල ඉඳන්ම බාල්දි පිට බාල්දි ඔවුන්ට පෙරලුනා. එකට ප්‍රධානම හේතුව වුණේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම Facebook ගිණුම් හිමියන්ගේ දත්ත අවභාවිතා කිරීම.
මේ හේතුව නිසා ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 05ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කරලා තියෙනවා. ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව.
දත්ත සුරැකීමේ පනත යටතේ මේ දඩය පනවලා තියෙනවා.