News Line| Off Air
Generic placeholder image

Jul
11

අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න එංගලන්තය සහ ක්‍රොඒෂියාව අද සටන් බිමට.

456 Views


අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න එංගලන්තය සහ ක්‍රොඒෂියාව අද සටන් බිමට.

FIFA ලෝක කුසලානයේ තවත් තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරගයක් අද පැවැත්වෙනවා. ඒ එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතරයි. අද තරගයේදී කණ්ඩායම් 02 ම කරට කර සටනක් දෙයි කියලා පාපන්දු විචාරකයින් පවසනවා.

එංගලන්ත කණ්ඩායම මෙවර තරඟාවලියේදී කැපී පෙනෙන දක්ෂතා නොදැක්වුවත් අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබීමට සමත් වුණා. හැබැයි මෙවර FIFA කුසලානයේ පෙරළිකාර කණ්ඩායම වන ක්‍රොඒෂියාව පිළිබදව කාගේත් අවධානය යොමු වෙලා තියෙනවා.

එංගලන්තය 1966 දී අවසන් පූර්ව වටය ජයග‍්‍රහණය කරමින් අවසන් මහා තරගයේදී ලෝක ශූරයින් බවට පත් වුණා. ක්‍රොඒෂියාව 1993 දී ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 125 වන ස්ථානයේ රැුදී සිටියද 1998 වන විට ෆිෆා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමටයි සමත් වුණේ.

ඒ අනුව ලෝක පාපන්දු ඉතිහාසයේ පෙරළිකාර කණ්ඩායම ලෙස ක්‍රොඒෂියාව හැදින්වෙනවා. කොහොම වුනත් අද පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගයේදී ක්‍රොඒෂියාවට ඔවුන්ගේ පි‍්‍රයතම කී‍්‍රඩා ඇදුම අඳින්න බැරි වෙලා තියෙනවා.

රතු සහ සුදු පැහැයෙන් යුත් එම ඇදුම අඳින්න බැරි වෙලා තියෙන්නේ එංගලන්ත කණ්ඩායම සුදු පැහැයෙන් යුත් කී‍්‍රඩා ඇදුම ඇදීම නිසා. හැබැයි ක්‍රොඒෂියානු කණ්ඩායමේ කළමණාකරු පවසා ඇත්තේ තමන්ගේ පි‍්‍රයතම ඇදුම ලබන 15 වනදා ඇදීමට සූදානම් බවයි


News Articles
Latest Videos
Most Popular Post