News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

ජනපති අවසරයෙන් ඉන්ධන මිල යළිත් ඉහළට. අලුත් මිල ගණන් මෙන්න.

650 Views


ජනපති අවසරයෙන් ඉන්ධන මිල යළිත් ඉහළට. අලුත් මිල ගණන් මෙන්න.

පහුගිය සතියේ උදේ රෑ නිතර ඉන්ධන මිල වෙනස් වුණා. මේ නිසා ජනතාව අවුල් ජාලාවක හිටියේ. හරියටම ඉන්ධ මිල ගැන තීරණය කරන්න ඊයේ පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්්‍යාලයේදී ජනාධිපතිතුමා අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

ඉන්ධන මිල සංශෝධනය මාසිකව සිදු කරන්නයි මේ සාකච්ඡාවේදී තීරණය වුණේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත‍්‍රියේ ඉඳන් ක‍්‍රියාත්මක වෙන පරිදි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහල නැංවීමට රජය තීරණය කලා.

ඒ අනුව ඔක්ටේන් 92 ප්‍රෙට්ට‍්‍රල් ලීටරයක මිල රුපියල් 8කින්ද ඔක්ටේන් 95 ප්‍රෙට්ට‍්‍රල් ලීටරයක මිල රුපියල් 7කින්ද ඉහළ දැම්මා. ඞීසල් ලීටරයක මිල ඉහල දමා ඇත්තේ රුපියල් 9 කින් ඉහළ ගිහින් තියෙනවා. සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ ගියා.

ඉන්ධන මිල වැඩි කරනවා කියලා ප‍්‍රකාශයට වීමත් එක්ක ඊයේ රාත‍්‍රියේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ආශ‍්‍රිතව දිගු රථ වාහන පොලීම් දකින්න ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post