News Line| Off Air
Generic placeholder image

Jul
11

තායිලන්තයේ සිදු කරපු ලෝකයේ අසීරුම ගලවා ගැනීමේ මෙහෙයුම ගැන හොලිවුඩ් චිත්‍රපටියක්.

839 Views


තායිලන්තයේ සිදු කරපු ලෝකයේ අසීරුම ගලවා ගැනීමේ මෙහෙයුම ගැන හොලිවුඩ් චිත්‍රපටියක්.

ඊයේ ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගත්තේ තායිලන්තයේ ගුහාවක සිරවුන ළමා පාපන්දු කණ්ඩායමේ ගැලව ගැනීමේ මෙහෙයුම ගැන. ඊයේ හවස් වෙද්දී ගුහාවේ සිරවෙලා හිටිය සියලු දෙනාව මුදා ගන්න මෙහෙයුම් කණ්ඩායම් වලට පුළුවන් වුණා.

දින 18 ක අසීරු මෙහෙයුමකින් පස්සේ තමයි මේ පාපන්දු කණ්ඩායම බේර ගත්තේ. රටවල් රැසක කිමිඳුම්කරුවන් රැසක් මේ දැවැන්ත මෙහෙයුමට සම්බන්ධ වුණා. මේ දැවැන්ත මෙහෙයුම ගැන චිත්‍රපටියක් හදන්න ඇමෙරිකානු සමාගමක් සූදානමින් ඉන්නවා.

Pure Flix නම් ඇමෙරිකානු චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ සම හිමිකරු Michael Scott සහ නිෂ්පාදක Adam Smith ඊයේ (10) ළමයි සිරවෙලා හිටිය ගල් ගුහාවට ආවා. ඒ අවසන් අදියරේ ගලවා ගැනීමේ මෙහෙයුම් නිරීක්ෂණය කරන්න.

“ඔවුන් මුහුණ දුන්නු සිදුවීම් ඒ වගේම ඔවුන් ඒ ගුහාව තුල සිරවී සිටියදී දැණුනු අත්දැකීම් මේ සියල්ලම ඔවුන් සමගම සාකච්ජා කරලා අපි දැනගන්න ඕනේ. මේ විත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තියනවා…ඒකාන්තයි” කියලයි ure Flixආයතනයේ සම හිමිකරු සදහන් කරේ.

“අනෙක් චිත්‍රපට සමාගම් මෙතනට එන්න කලින් අපි ආවේ මේකේ තියන වැදගත්කම දන්නා නිසා. ඔවුන් රෝහලින් පිටවුනු ගමන් අපි ඔවුන් සමග කතා කරලා මේ කතාවේ අයිතිය ලබා ගන්න සාකච්ජා කරනවා. ඒ වගේම ඒ ළමුන්ගේ පවුල්වල අය, ගලවා ගැනීමේ මෙහෙයුමේ යෙදුනු අය මේ සියලුම දෙනා අපේ කතාවේ ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා 2019 වසර වන විට මෙහි වැඩ ආරම්භ කරන්න” කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post