News Line| Off Air
Generic placeholder image

Jul
11

මුරලිගේ අඩුව පිරවූ ලොව සුපිරිම වමත් දඟ පන්දු යවන්නාත් ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරයි.

816 Views


මුරලිගේ අඩුව පිරවූ ලොව සුපිරිම වමත් දඟ පන්දු යවන්නාත් ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරයි.

දඟ පන්දුවේ දකුණු අතයි වම් අතයි දෙකම අයිති ලංකාවට. ලෝකයේ සුපිරිම දකුණත් දඟ පන්දු යවන්න මුත්තයියා මුරලිදරන්. මුරලිගේ සමුගැනීමත් එක්ක ඒ අඩුව පුරවන්නේ කවුද කියලා ලොකු ප්‍රශ්නයක් තිබ්බා.

එතකොට තමයි මුරලි දකුණු අතින් කරපු දේ වම් අතින් කරන්න රංගන හේරත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට එකතු වෙන්නේ. මේ වෙද්දී හේරත් ලෝකයේ විශිෂ්ඨම වමත් දඟ පන්දු යවන්න වෙලා අවසන්. හැබැයි ඔහුත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගන්න දවස ගැන ඉඟි පලකරලා තියෙනවා.

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන එංගලන්ත සමඟ ටෙස්ට් තරඟාවලිය තමන්ගේ අවසන් ටෙස්ට් තරඟාවලිය වෙයි කියලා හේරත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ BBC ය සමඟ කල සංවාදයකදී. ලබන 12 වනදා ආරම්භ වන ශ්‍රීලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියෙන් පස්සේ නායකයා හා කළමණාකාරීත්වය සමග සාකච්ඡා කරලා ඒ ගැන අවසන් තීරණයත් ගන්නවා කියලා හේරත් සඳහන් කරනවා.

“ඕනෑම ක්‍රීඩකයෙක්ට ක්‍රීඩාව නවත්වන්න කාලයක් එනවා. මම හිතනවා මමත් ඒවගේ කාලයක ඉන්නේ කියලා,සමහර විට මගේ අවසාන තරගාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරගාවලිය වෙන්න පුළුවන්. ඒකටත් දකුණු අප්‍රිකානු සංචාරයෙන් පස්සේ මාස 3ක කාලයක් තියෙනවා. එහෙම තමයි මම මේ වෙනකොට සැළසුම් කර තිබෙන්නේ.” කියලයි හේරත් BBC යට කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post