News Line| Off Air
Generic placeholder image

Jul
11

දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟාවලිය පාසල් සිසුන්ට නොමිලේ.

1499 Views


දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟාවලිය පාසල් සිසුන්ට නොමිලේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරඟාවලිය හෙට ආරම්භ වෙනවා. ටෙස්ට් තරඟ 2 කින් මේ තරඟාවලිය සමන්විතයි. පලවෙනි තරඟය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.

ක්‍රිකට් තරඟ බලන පාසල් සිසුන්ට සුභ ආරංචියක් අද ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නා. ඒ ටෙස්ට් තරඟාවලිය නොමිලේ බලන්න අවස්තාව පාසල් සිසුන්ට දීලා තියෙනවා. පාසල් සිසුන්ට වගේම ක්‍රිකට් ඇකඩමි වල පුහුණුව ලබන ශිෂ්‍යන්ට මේ අවස්ථව හිමි වෙනවා.

හැබැයි තරඟ නරඹන්න පාසල් සිසුන් නිල ඇඳුමෙන් එන්න ඕන. ඒ වගේම කි‍්‍රකට් ඇකඩමි සිසුනට තමඅනන්‍යතාව තහවුරු කළහැකි හැඳුනුම්පත ඉදිරිපත් කළා කී‍්‍රඩාංගණයට යන්න පුළුවන්.

පළවෙනි ටෙස්ට් තරඟය ජූලි මස 12 – 16 දක්වා ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේත් සහ දෙවෙනි තරඟය ජූලි මස20 – 24 දක්වා කොළඹ එස්. එස්. සී කී‍්‍රඩාංගණයේදීත් පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post