කාලෙන් කාලෙට උඩ එන මාතෘකාවක් තමයි මරණ දඬුවම. මරණ දඬුවට අත්සන් කරනවා කියලා පහුගිය දා ජනාධිපතිතුමා සඳහන් කරා. හැබැයි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න තව ප්‍රශ්නයක් තියෙනවා.
ඒ අළුගොසුවෙක් නැති වීම. ඒ නිසා අළුගෝසු තනතුර සඳහා ආයෙත් අයැදුම්පත් කැඳවන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. 2015 ඉඳලා අළුගෝසු තනතුර සඳහා පුරප්පාඩු 2 ක් තියෙනවා.
2015 වසරේ දී එම තනතුර සදහා දෙදෙනෙකු බඳවා ගත්තා. හැබැයි පුහුණු කාලය අවසන් වුනාට පස්සේ ඔවුන් ඉවත්වෙලා ගියා කියලා බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ.
හැබැයි මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ සහ එල්ලූම් ගස සඳහා යොදන කඹය ආනයනය බන්ධනාගාර දෙපාර්තමේන්තුව කරලයි තියෙන්නේ.
මේ වෙද්දී මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් රැඳවියන් 19 ක් මරණ දඬුවම නියම වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවෙලා දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව කටයුතු කරන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබා දෙන්න අත්සන යොදනවා කියලයි ජනාධිපතිතුමා කිව්වේ.