ඒ දවස්වල කිව්වේ පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා. හැබැයි දැන් නම් පාන් කන්න තියා පාන් කියා ගන්නවත් බැරි තත්වයක් ඇති වෙලා තියෙන්නේ. පහුගිය දා වැඩි වුන ඉන්ධන මිලත් එක්ක තවත් භාණ්ඩ හා සේවා රැසක් ගණන් උස්සන්න පටන් ගත්තා.
බේකරි හිමියනුත් ගණන් උස්සන්න පටන් අරගෙන. බනිස්, මාළු පාන් ඇතුලු සියලු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00කින් වැඩි කරන්න සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කරලා තියෙනවා. ලබන 16 වෙනිදා ඉදන් තමයි මේ මිල ගණන් වැඩි වෙන්නේ.
කොහොම වුනත් පාන් මිල වැඩි කරන්නේ නෑ කියලා බේකරි හිමියන් කියනවා. ඉන්ධන මිල ඉහළ යාම, ඩොලරයේ අගය වැඩිවීම අනායනික අමුද්‍රව්‍ය සඳහා අධික බදු අය කිරීම වගේ කරුණු නිසා තමයි මේ මිල වැඩිවීම කරලා තියෙන්නේ.