News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

Off Season කියා ලංකාවට විහිළු කළ අප්‍රිකානුවන්, අද ගාල්ලේදී දනින් වැටෙයි.

1321 Views


Off Season කියා ලංකාවට විහිළු කළ අප්‍රිකානුවන්, අද ගාල්ලේදී දනින් වැටෙයි.

සංචාරක දකුණු අප‍්‍රිකාණු කණ්ඩයම සහා ශි‍්‍ර ලංකාව අතර පළමු ටෙසට් ක‍්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. දිනය නිමා වන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් ශි‍්‍ර ලංකා කණ්දයම කඩුලු 4ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියා.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකාවට වඩා ලකුණු 272 ක් ඉදිරියෙන් සිටිනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරඟයේ පලමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 287 ක් රැස් කලා. ඊට පිලිතුරු ලෙස දකුණු අප‍්‍රිකානුවන්ට සිය පළමු ඉනිම සඳහා රැස් කල හැකි වූයේ සියලූ දෙනා දැවී ලකුණු 126 ක් පමණයි.

රංගන හෙරත් සහා දිල්රුවන් පෙරෙරාගේ දක්ෂ පන්දු යැවිම හමුවේ දකුණු අප‍්‍රිකාණු කණ්ඩයමෙ පිතිකරුවන් දැඩි අසරණතාවයකට ලක්වුනා. එහිදී දිල්රුවන් පෙරේරා ලකුණු 46 කටකඩුලූ 4 ක් දවා ගත්තා.

පසුව සිය 2වන ඉනිම ආරම්භ කල ශ‍්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමා වන විට කඩුලූ 4ක් දැවී ලකුණු 111 ක් ලබා සිටින අතර ශ‍්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 60 ක් ලබා ගැනීමට සමත් වුනා.


News Articles
Latest Videos
Most Popular Post