පුරාණ ශිෂ්ටාචාරයකට අයත් පිරමීඩයක් මෙක්සිකෝවේ පුරාවිද්‍යා කැණීම් ස්ථානයකින් හමුවී වෙලා තියෙනවා. දැඩි සංචාරක ආකර්ෂණක් දිනාගත් එහෙකට් දේවස්ථානයට සමීප ස්ථානයක තමයි මේ පිරමීඩය පිහිටලා තියෙන්නේ.
මෙම පිරමීඩය පුරාණ ට්ලාහුයිකා ශිෂ්ටාචාරයට අයත් බව පැවැසෙනවා. ඇස්ටෙක්වරැන්ට සමීප ඥාතීත්වයක් ඇති ට්ලාහුයිකාවරුන් ජීවත්ව ඇත්තේ මීට වසර දහසකට පමණ කලින්.
පිරමීඩය පිළිබඳ මුලින්ම අනාවරණය වී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ මෙක්සිකෝවේ සිදු වූ භූ කම්පනයෙන් පස්සේ. ඒ මොරාලෙස් පළාතේ පුරාවිද්‍යා කැණීම් ස්ථානයක යළි ගොඩනැගීම් කරන අතරතුරදි. මෙම සොයාගැනීමත් සමඟින් මෙක්සිකෝවේ ඉතිහාසය පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණය පුළුවන් කියලා පුරාවිද්‍යාඥයන්ගේ මත පලකරනවා.