News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

දිමුත්ගේ හුදකලා සටන ලංකාවේ නම්බුව ආරක්ෂා කරයි.

578 Views


දිමුත්ගේ හුදකලා සටන ලංකාවේ නම්බුව ආරක්ෂා කරයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි ටෙස්ට් තරඟය ඊයේ වුණා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ඊයේ දවසට තරඟය නතර කරද්දී ලංකාවේ පළවෙනි ඉනිම අවසන් වෙලා තිබ්බා.

කාසියේ වාසිය දිනා ගත්ත නායක සුරංග ලක්මාල් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. පළවෙනි කඩුල්ලට ලකුණු 44 ක සබඳතාවක් දිමුත් සහ දනුෂ්ක ගොඩනැගුවා. දනුෂ්ක ලකුණු 26 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 24 යි.

දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් එකා පිට එකා දැවී ගියා. දිමුත් කරුණාරත්න එක්ක එකතු වුන ලක්ෂාන් සඳකැන් අන්තිම කඩුල්ලට ලකුණු 63 ක සබඳතාවක් ගොඩනැගුවා. සඳකැන් ලකුණු 25 යි. තරඟය ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම නොදැවී කඩුල්ලේ රැඳී ඉන්න දිමුත් සමත් වුණා. දකුණු අප්‍රිකානුවන්ට හිසරදයක් වුන දිමුත්ඔහු නොදැවී ලකුණු 158 ක් රැස් කර ගත්තා. මේ ඔහුගේ 8 වන ටෙස්ට් ශතකයයි.

ශ්‍රී ලංකාව සියලු දෙනාම දැවී ලකුණු 287 ක් රැස් කර ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්න පිටියට පැමිණි දකුණු අප්‍රිකානුවන්ගේ පළවෙනි කඩුල්ල ලකුණු 1 කදී ලබා ගන්න රංගන හේරත් සමත් වුණා. ඊයේ දවසට තරඟය නතර කරද්දී දකුණු අප්‍රිකාව පළවෙනි ඉනිමට එක කඩුල්ලක් දැවී ලකුණු 4 ක් ලබා ගෙන හිටියා.

අද තරඟයේ දෙවෙනි දවස.


News Articles
Latest Videos
Most Popular Post