News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

මහියංගන පුදබිමේ කපපු මාර ගහ ඇතුළෙන් එළියට මතුවුණ අමුතු දේ මෙන්න (PHOTOS)

2841 Views


මහියංගන පුදබිමේ කපපු මාර ගහ ඇතුළෙන් එළියට මතුවුණ අමුතු දේ මෙන්න (PHOTOS)

මහියංගන රජමහා විහාරස්‌ථානයට අයත් සංවර්ධන ව්‍යාපෘතියකට ඊයේ දවසේ මාර ගසක් කපලා දාල තියෙනවා. මේ ගස කපල ඉවත් කිරීමේදී එහි බෙනයක්‌ තුළ බිත්තර රකිමින් සිටි විශාල පිඹුරු මවක්‌ හා බිත්තර 28 ක්‌ හොයාගෙන තියෙනවා. මේවා මහියංගන පොලිසිය හා ප්‍රදේශවාසීන් එක වෙලා ගිරාඳුරුකෝට්‌ටේ පිහිටි වන ජීවි නිලධාරීන් වෙත දන්වල ආරක්‍ෂිත ස්‌ථානයකට ගෙනියන්න කටයුතු කරලා තියෙනවා.

මාර ගස කපල බිම හෙළීමෙන් පස්සේ එහි බෙනයේ බිත්තර රකිමින් සිටි පිඹුරු මව කලබල වෙලා පිටතට ඇවිත්. මේක දැකපු ගස කැපූ පුද්ගලයන් මහියංගන පොලිසිය දැනුවත් කිරීමෙන් පස්සේ මහියංගන පොලිසියේ නියෝජ්‍ය ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රුවන් වීරකෝන් මහතා ඇතුළු පොලිස්‌ නිලධාරින් ගිරාඳුරුකෝට්‌ටේ අලිපාලන ඒකකයේ වනජීවී නිලධාරීන් දැනුවත් කරල තියෙනවා.

ඒ අනුව වනජීවී නිලධාරීන් ඇවිත් පිඹුරු මව හා බිත්තර සුරක්‍ෂිතව අල්ලගෙන තියෙනවා. පිඹුරා අඩි 12 ක්‌ පමණ දිගකින් යුක්‌ත එකෙක්. පිඹුරා හා බිත්තර ගිරිතලේ වනජීවී කාර්යාලය වෙත භාරදීමට ඔවුන් කටයුතු කරලා තියෙනවා.

 

pim1
pim2


News Articles
Latest Videos
Most Popular Post