FIFA ලෝක කුසලානයේ හිමිකාරිත්වය මේ වෙද්දී ප්‍රංශය ලබා ගෙන අවසන්. හැබැයි ගොඩක් අය හිතුවේ ක්‍රොඒෂියාව මෙවර පාපන්දු කුසලානය දිනා ගනිවී කියලා. කුසලානය අහිමි වුනත් ලෝකයේම අවධානය හා ආදරය දිනා ගන්න ඔවුන්ට පුළුවන් වුණා.
මේ අතරේ අවසන් මහා තරඟයේ සිදුවුන තවත් සිදුවීමක් ගැන ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ඒ ප්‍රංශ ජනපති එමානුඑල් සහ ක්‍රොඒෂියාවේ ජනාධිපතිනි කොලින්ඩා අවසන් මහා තරඟයේ ජය සමරුව හැටි.
හොඳම යාළුවො දෙන්නෙක් ජය සමරනවා වගේ කරට අත දාගෙන හරිම විනෝදෙන් ඔවුන් දෙදෙනා තරඟය නැරඹුවා. ඒ වගේමයි ප්‍රංශය ජයග්‍රහණය කරද්දී ක්‍රොඒෂියාවේ ජනාධිපතිනිය ප්‍රංශ ජනපතිව වැළඳ ගනිමින් සුභපැතුම් එක්කරා.