ලෝක බලවතෙක් වෙනවා කියන එක ලේසි පහසු නෑ. ඔවුන්ට ලැබෙන සැප පහසුකම් ඒ වගේම තමයි. ඇමෙරිකාවයි රුසියාවයි අතර තියෙන තරඟය ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි. එක රටක් දෙයක් කරොත් අනිත් රටට ඕන ඒ දේම ඊට වඩා හොඳට කරන්න.
ඇමෙරිකාවේ ජනාධිපතිගේ නිල ගුවන් යානය තමයි Airforce One කියන්නේ. සුපිරි පහසුකම් වගේම සුපිරි ආරක්ෂක පද්ධතියක් මේ යානයේ තියෙනවා. රුසියාවේ ජනාධිපතිටත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් වලට ගුවන් යානා 4 ක්ම තියෙනවා. රුසියාවේ ජනාධිපති පුටින් ඊට නොදෙවිනි පෞද්ගලික ජෙට් එකක් අලුතින් අරගෙන තියෙනවා.
IL-96-300PU කියන සංකේත නාමයෙන් තමයි මේ පෞද්ගලික ගුවන් යානය හඳුන්වන්නේ. යානයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක්. අධි සුඛෝපභෝගී යානයක් විදියට තමයි පුටින්ගේ ජෙට් එක හදලා තියෙන්නේ. ගුවන් යනේ ගොඩක් උපාංග රන් අලේපිතයි. ඒ අතරට රන් ආලේපිත වැසිකිලියකුත් අයිති.
සුපිරි සම්මන්ත්‍රණ ශාලාවක්, King Size ඇඳක්, Gym එකක් සහ මුළුතැන් ගෙයක් ඇතුලත්. යානයේ දිග අඩි 213 ක්. පියාපත්වල පළල මීටර් 65 ක්. නොට්ස් 900 ක් උපරිම වේගයකින් මේ යානයට යන්න පුළුවන්. ඇමෙරිකානු ජනාධිපතිගේ යානයට නම් ඒ කිට්ටුවටවත් එන්න බෑ. පුටින්ගේ මේ සුපිරි යානයේ ආරක්ෂාවට ප්‍රහාරක ජෙට් යානා 68 ක් ගමන් කරනවා.
ඒ වගේම රේඩාර් මඟහැර යන්න පුළුවන් තාක්ෂනය සහ ගුවන්යානා විනාශ කිරීමේ හැකියාව මේ යානයට තියෙනවා. මේ වගේ පෙනුම තියෙන තවත් ගුවන් යානා 3 ක් රුසියාවට තියෙනවා. පුටින් ගුවන් යානයේ ගමනක් යද්දී සතුරන් මුලා කරන්න අනිත් ගුවන් යානා 3 ත් ගමන් කරනවා.