News Line| Off Air| Games
Generic placeholder image

Jul
18

මේෂ, තුලා ලග්න හිමියන්ට එළිපිට සතුරු කරදර. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1154 Views


මේෂ, තුලා ලග්න හිමියන්ට එළිපිට සතුරු කරදර. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජූලි මස 18 වෙනි බදාදා

රාහු කාලය: දිවා කාලය සඳහා  දහවල්  12.16 සිට සවස  01.50 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී  12.16 සිට අලුයම 0 1.43 දක්වා

සුභ දිශාව – උතුර

මරු සිටින දිශාව  – නිරිත

මේෂ ලග්නය

එළිපිට සතුරු කරදර ගෙනදීමේ හැකියාව ඇති දිනයකි.කෙසේ වුවත් ඔබගේ කර්ම ශක්තියෙන් ඒ සතුරු කරදර වලක්වා ගැනිමේ හැකියාව ද  ඔබ සතුව ඇතිදිනයකි. ඒ නිසා දවස අවසානයේ සිතේ සතුට වර්ධනය වේ. යාළු , හිත මිතුරන් සමඟ පවා සතුට බෙදාහදා ගැනීමේ හැකියාව පවතී. සුළු වශයෙන් හෘදයේ පීඩාකාරීතත්ත්වයන් ඇති වීමේ  හැකියාවක් පවතී.

ජය වර්ණය – ලා දම් පැහැය                                                 ජය අංකය – 07

වෘෂභ ලග්නය

කලාකාමී කටයුතු සාර්ථක වන හා අධ්‍යාපන කටයුතු දියුණුවන දිනයකි. තම දරුවන් වෙනුවෙන් කාලය වෙන්කිරීමට සිදුවේවි. එවැනි කටයුතු ඇසීමෙන්, දැකීමෙන්  සතුටට පත්වෙන දිනයකි. කෙසේ වෙතත් කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝගී තත්ත්ව මෙන්ම සතුරු බාධාකාරී තත්ත්ව ද ඇතිවන දිනයකි. ගමන්බිමන් යාමේදී වෙනදාට වඩා ආරක්ෂාකාරී වියයුතුයි. ව්‍යාපාර කටයුතු වලට සුභදායී දවසකි. නමුත් ඉවසීම නොමැති වීමෙන් ඔබට ලැබෙන වාසිදායී තත්ත්වමගහැරීමේ හැකියාවක්ද පවතින නිසා තරමක් ආරක්ෂකාරී විය යුතු දිනයකි.

ජය වර්ණය – ලා කොළ පැහැය                                             ජය අංකය – 09

මිථුන ලග්නය

ගෙදර දොර වැඩ කටයුතු වලට වැඩිපුර කාලය ගත කිරිමට උත්සාහ කරන දිනයකි. මව් පස ඥාතීන් පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන දිනයකි. අන් අයගේ රෝගීතත්ත්වයන් වෙනුවෙන් කැපවී ඔවුන්ට සාත්තු සප්පායම් කිරීමට සිදුවේ.විවාහ ජීවිතය තුල බාධකාරී තත්ත්වයන් පවතියේ නම් ඒ සියලුම දේවල් මැදිහත් සිතින්දරාගෙන වැඩකරන දවසක්.සෙම් සහිත රෝග ඔබට දවසේ වැඩකටයුතු වලට යම් දුරකට බාධාවක් ගෙන ඒවි.

ජය වර්ණය – දීප්තිමත් කහ පැහැය                                                    ජය අංකය – 03

කටක ලග්නය

සහෝදරයින් ඥාතින් ඔබගේ උපකාරය බලාපොරොත්තු වන දිනයකි. ඔබ කරන කටයුතු වලට අන් අයගේ සහය උපරිමයෙන්ම ලබාගත හැකිවේ. රැකී රක්ෂාකටයුතු දියුණුවට පත් වෙන මෙන්ම විවාහ කටයුතු සාර්ථකත්වයට පත්වේ. හවුලේ කරන කටයුතු සඳහා ඔබ කැපවීමෙන් යුතුව කටයුතු කරන දිනයකි. මේ නිසාඔබ සමාජයේ කැපීපෙනෙන චරිතයක් බවට පත්වේ.

ජය වර්ණය – ලා කහ පැහැය                                                           ජය අංකය – 07

සිංහ ලග්නය

වියදම් අධික දිනයකි. කොන්ද , තුනටිය මෙන්ම පාද හා ස්නායු ආශ්‍රිත රෝග ද ඇතිවීමේ අවධානමක් පවතී.අන් අයව විශ්වාස කර සිදු කරන කටයුතු වලින් බාධාඇතිවන දිනයක්. සිතේ පීඩා ඇතිවීමේ හැකියවක් පවතී. ආහාර ගැනීමේ රටාව වෙනස් වේ.අධ්‍යාපනික වැඩ වලට බාධා ඇතිවේ.සියුම් සතුරු පාර්ශවයන්නිර්මාණයවේ.

ජය වර්ණය – විසිතුරු පැහැය                                          ජය අංකය – 09

කන්‍යා ලග්නය

සිත සන්සුන්ව පවත්වා ගැනීම සඳහා ලොකු උත්සාහයක් දරණ දිනයකි. සිත නිතර වෙනස්වේ. කෙසේ වුවත් මේ පීඩාකාරී තත්ත්ව මගහැර සතුටින් දවස ගතකිරීමේ හැකියාව ඔබ සතුයි. දණහිස ආශ්‍රිත මෙන්ම පාද ආශ්‍රිත රෝගී තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතී. තරමක් අවධානයෙන් යුතුව කටයුතු කලයුතු දවසකි.

ජය වර්ණය – දීප්තිමත් කොළ පැහැය                                       ජය අංකය –  07

තුලා ලග්නය

කායික හා මානසික පීඩාකාරී තත්ත්ව ඇතිවන දිනයකි. සාංකාවක්, දුකක් හෝ බාධාකාරී තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතී. ජීවිතයට අළුත් බලාපොරොත්තුඇතිවන අතර එවා බලාපොරොත්තු වන තරමටම සෞම්‍යව පවත්වා ගැනීමට හැකියාවක් නොහැකිවේ. විරුද්ධවාදීන් සමඟ එළිපිට ගැටුම් ඇතිවීමේ හැකියාවක්පවතී.වචන හුවමාරු වලින් ගැටුම් දුරදිග යාමේ හැකියාවක් පවතින දිනයකි.ඔබගේ ඥාති හිතෛෂීන්ටත් යම් රෝගී තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතිනවා. අධ්‍යාපන කටයුතු වලටද බාධාකා‍රී තත්ත්වයන් ගෙන දෙන දිනයකි. නම්‍යශීලීත්වය හා වේලාවට වැඩ නොකිරීම නිසා අනාගතයේ ගැටලුකාරී තත්ත්ව ඇතිවේ.

ජය වර්ණය – ලා නිල් පැහැය                                      ජය අංකය – 09

වෘශ්චික ලග්නය

 

ව්‍යාපාර කටයුතු වලින් දියුණුවක් ලබා ගත හැකි දිනයකි. සංචාරක කටයුතු සහ කොමිස් මුදල් ලැබීමේ කටයුතු වලින්  විශාල ලාභ ලැබීමේ හැකියාව පවතී. සමාජසේවා කටයුතු සඳහා ඉහළ දායකත්වයක් දක්වන දිනයකි. දුර බැහැර මිතුරන් ඔබ සොයා එන දිනයක්. ආහාර ගැනීම පිළිබඳව මෙන්ම වියදම් පිලිබඳව දසැලකිලිමත්ව කටයුතු කල යුතු දිනයකි.

ජය වර්ණය – ලා කහ පැහැය                                             ජය අංකය – 07

ධනු ලග්නය

මානසික පීඩාවකට ලක්ව ඇති පුද්ගලයින් වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. වැඩිමහල් කෙනෙක්ගේ ආරක්ෂාව මත සිටීම වඩාත් වැදගත්වේ. උසස් නිළධාරීන්සමඟ කතා බහ කොට ඔබගේ අනාගත වැඩ කටයුතු ආරම්භ කල යුතු දිනයකි. එසේ නොමැති වීමෙන් ගැටලුකාරී තත්ත්ව වලට මුහුන දීමට සිදුවේ.

ජය වර්ණය – ලා කහ පැහැය                                                  ජය අංකය – 09

මකර ලග්නය

හිතුවක්කාර හා මුරන්ඩු ගති ලක්ෂණ ඇතිවන දිනයකි.මේ නිසා ඔබේ ජයග්‍රහණ වලට බාධාකාරී තත්ත්වයන් ඇතිවේ. එම නිසා ඔබ අන් අය සමඟ නම්‍යශීලීවහා සුහදව වැඩ කටයුතු කිරීම යෝග්‍ය වේ. එමගිමන් ඔබට විශාල ලාභදායී තත්ත්ව නිර්මාණය කරගැනීමේ හැකියාව පවතී. එමගින් දවසේ කටයුතු සාර්ථකකරගත හැකිවේ.

ජය වර්ණය –  ලා දම් පැහැය                                 ජය අංකය – 07

කුම්භ ලග්නය

අද ඔබ තරමක් ගුප්ත හැසිරීම් පෙන්වන දිනයකි. අන් අය සමඟ වැඩ කටයුතු කිරීමේදී හොර රහසේ වැඩ කටයුතු සිදු කිරීමට උත්සාහ කරයි. මව් පස ඥාතීන්පිලිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. සෞඛ්‍ය පීඩාකාරී තත්ත්ව ඇතිවන දිනයකි.අන් අයගේ වැඩ වලදී අතිශ්‍ය පරීක්ෂාකාරී විය යුතුයි. ආගම , කුලයවෙනස් අය සමඟ වැඩිපුර ඇසුරු කිරීමට සිදුවන අතර දුර බැහැර මිත්‍රයින් ඔබගේ ප්‍රශ්න වලට මැදිහත් වන දිනයකි. අළුත් බලාපොරොත්තු ඇතිවන හා ඒවාසාර්ථක කර ගැනීමේ හැකියාව ඇති දිනයකි.

ජය වර්ණය – ලා නිල් පැහැය                                                ජය අංකය – 08

මීන ලග්නය

හවුල් ව්‍යාපාර වැඩ කටයුතු සඳහා ඉතා යෝග්‍ය දිනයකි. ප්‍රේම සබඳතා ශක්තිමත් වේ. ඕනෑම පුද්ගලයෙකු සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව පවතී. දුරබැහැර මිත්‍රයින් ඔබ සොයාගෙන එන දිනයකි. ආගම දහම වෙනස් පරිසරයක කටයුතු කිරීමට සිදුවෙන අතර වෘත්තීයමය වගකීම් වැඩිවේ. වෘත්තීමය වශයෙන්සතුටු දායක දිනයකි.

ජය වර්ණය – රතු පැහැය                                           ජය අංකය – 09

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක

දුරකථන –   0766765353


News Articles
Latest Videos
Most Popular Post