News Line| Off Air| Games
Generic placeholder image

Jul
18

ඉගෙන ගන්න සල්ලි දුන්න පෙම්වතාව දොස්තර වුන පෙම්වතිය එපා කියයි.

705 Views


ඉගෙන ගන්න සල්ලි දුන්න පෙම්වතාව දොස්තර වුන පෙම්වතිය එපා කියයි.

ගස්වල සල්ලි හැදෙනවා නම් කෙල්ලෝ වඳුරන්ටත් ආදරය කරවී කියනවනේ. හැබැයි ඉතිං හැම කෙල්ලම එහෙම නෑ. කොහොම වුනත් දැන් නම් කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන.

විවාහ පොරොන්දු කඩවීම නිසා කලහකාරී විදියට හැසිරුණ තරුණයෙක්ට අනුරාධපුර අධිකරණය තරයේ අවවාද කරලා මුදාහැරලා තියෙනවා. මේ සිදුවීමට හේතුව වෙලා තියෙන්නේ තරුණයාගේ පෙම්වතිය ආයුර්වේද වෛද්‍යවරියක් වුණාට පස්සේ තරුණයාව ප්‍රතික්ෂේප කරපු එක. පෑස්සුම් ශිල්පියෙක් වුන තරුණයා තමයි පෙම්වතියට ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න ඕන සියලුම වියදම් කරලා තියෙන්නේ.

මුලින් පෙම්වතියගේ දෙමව්පියනුත් මේ දෙන්නගේ සම්බන්ධයට ආශිර්වාද කරලා තියෙනවා. හැබැයි දුව වෛද්‍යවරියක් වුනාට පස්සේ දෙමව්පියනුත් බෑනාට ගෙදර දොර වහලා. අනුරාධපුර තිසාවැව ප්‍රදේශයේ පදිංචි පෙම්වතියට අධ්‍යාපන කටයුතු සඳහා මේ තරුණයා ලක්ෂ 6 කට වැඩ වියදම් කරලා තියෙනවා.

වෛද්‍යවරියක් වුන පෙම්වතිය තරුණයාව මඟහැරීම නිසා ඔහු පෙම්වතියගේ පවුලේ අයත් සමඟ දිගටම ප්‍රශ්න ඇති කරගෙන. මරණ තර්ජන කරා කියලයි පෙම්වතියගේ දෙමව්පියන් මේ ගැන පොලිසියට පැමිණිලි කරාලා. දෙපැත්තේම අය පොලිසියට ගෙනැල්ලා සමතයකට පත් කරන්න හැදුවත් තරුණයා කැමති වෙලා නෑ. අන්තිමේදී දෙගොල්ලොන්ටම උසාවි යන්න වෙලා.

අවසානයේදී තරුණයට අවවාද කරපු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙම්වතියට වියදම් කරපු මුදල් නැවත ලබා ගන්න අනුරාධපුර දිසා අධිකරණයේ නඩුවක් ගොනු කරන්න කියලා තරුණයාට උපදෙස් දීලා. සල්ලි වලට ආදරේ හිලව් කරන කාට කාටත් මේක හොඳ පාඩමක්.


News Articles
Latest Videos
Most Popular Post