News Line| Off Air
Generic placeholder image

Jul
18

ඒකාබද්ධයේ ප්‍රධානම බලකණුවක් දේශපාලනයෙන් විශ්‍රාම යන්න තීරණය කරයි.

1491 Views


ඒකාබද්ධයේ ප්‍රධානම බලකණුවක් දේශපාලනයෙන් විශ්‍රාම යන්න තීරණය කරයි.

දේශපාලනය කියන්නෙත් හරියට අතුරේ යනවා වගේ වැඩක්. දේශපාලනයට එන ගොඩක් අය අන්තිමට දේශපාලනයෙන් සමු ගන්නේ කලකිරීමෙන්. ඒකාබද්දැහැ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් දේශපාලනයෙන් සමුගන්න සූදානම් වෙනවා කියලා ආරංචි වෙනවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සමහර අය කරන ප‍්‍රකාශ හා ක‍්‍රියාකාරකම් නිසා තමන් බලවත් ලෙස සිත් තැවුලට පත්වෙලා ඉන්නේ කියලා එතුමා සමීපතමයන්ට කියලා තියෙනවා. ඒ නිසා දේශපාලනයෙන් සමු ගන්න තීරණය කරා කියලයි ඔහු කියලා තියෙන්නේ.
 ආණ්ඩුවෙන් එළියට එද්දී තමන් මෙවැනි තත්ත්වයකට පත්වෙයි කියලා කිසිසේත් හිතුවේ නෑ කියලා. කොහොම වුනත් මන්ත්‍රීවරයාගේ හිතවතුන් නම් කියලා තියෙන්නේ අන්තිම වෙනකන්ම සටන කරගෙන යන්න කියලා. එත් බැරි වුනොත් විතරක් දේශපාලනයෙන් සමුගන්න කියලා.
තොරතුරු Info Lanka News


News Articles
Latest Videos
Most Popular Post