මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි මරණ දඬුවම. අවුරුදු ගණනක් වැඩක් නොගෙන දළු එනකම් පැත්තකට දාලා තිබ්බ එල්ලුම් ගහ මකුණු දැල් කඩලා ආයෙත් පාවිච්චියට ගන්නවා කියලා ජනාධිපතිතුමා පහුගිය දවසක කිව්වා.
සරින් සැරේට මරණ දඬුවම ගැන කතාව උද ආවාත් මේ සැරේ නම් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වෙයි කියලා තමයි පේන්න තියෙන්නේ. මොකද එල්ලා මරන්න නියමිත 18 දෙනෙකුගේ නම් ලැයිස්තුවකුත් හදලා ඉවරයි.
මේ ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ කාන්තාවක්. ශ්‍යාමලී පෙරේරා නම් ඇයට 2011 මාර්තු 01 වෙනිදා මරණ දඬුවම නියම කරලා තිබ්බා. මේ අවුරුද්දේ මරණ දඬුවම ලැබුවා දෙන්නෙකුත් මේ නාම ලේඛනයේ ඉන්නවා. එක්කෙනෙක් එම් ඒ සුමනසිරි. අනිත් කෙනා පාකිස්ථාන ජාතික එස් මොහොමද්. තවත් පාකිස්තානුවන් 3 දෙනෙක් මේ ලැයිස්තුවේ ඉන්නවා. ජී ඒ බූට්, එම් කුමාර් සහ එස් නසාර් යන අයයි.
2002 වසරේදී මරණ දඬුවම නියම වී මේ වනවිට වසර 15ක් බන්ධනාගාරගතව සිටින එස් කේ ජයතිලක සහ 2003 වසරේදී මරණ දඬුවම නියම වී ඇති ශ‍්‍රී ධර්මාකරන්මේ නමුත් මේ මරණ දඬුවම දෙන ලයිස්තුවේ ඉන්නවා.
2007 වසරේදී මරණ දඬුවම නියම වූ වේලායුදන් මුරලිදරන්, එම් එස් එම් මිස්තාර්, බී ජී බෝල්සිං සහ 2009 වසරේදී මරණ දඬුවම නියම වූ ශිවනේෂන් රාජා ත් මේ ලැයිස්තුවට ඇතුලත්. 2012 දී මරණ දඬුවම නියම වූ එස් පුණ්‍යමූර්ති, කේ එම් චමින්ද සහ එස් ගනේෂන්, 2013දී මරණ දඬුවම නියම වූ ඩබ්ලිව් විනායගමූර්ති, එස් ඒ සුරේෂ් කුමාර් සහ 2015 දී මරණ දඬුවම නියම වූ රංග සම්පත් ෆොන්සේකා මේ නාම ලේඛනයේ ඉන්න අනෙක් සිරකරුවන්.