News Line| Off Air| Games
Generic placeholder image

Jul
19

“ගාලු කොටුව ලෝක උරුමයක් නම් ඊට වඩා දහස් ගුණයකින් ගාලු පිට්ටනිය අපිට උරුමයක්” – ගාලු ක්‍රීඩාංගණයේ ස්ථාන මාරුවට FB විරෝධය

1654 Views


“ගාලු කොටුව ලෝක උරුමයක් නම් ඊට වඩා දහස් ගුණයකින් ගාලු පිට්ටනිය අපිට උරුමයක්” – ගාලු ක්‍රීඩාංගණයේ ස්ථාන මාරුවට FB විරෝධය

ක්‍රිකට් කියන්නේ ලංකාවේ අයට ආගමක් වගේ. සමහරුන්ට ක්‍රිකට් කියන්නේ මුළු ජීවිතයම. එහෙම රටක ක්‍රිකට් ගැන තීන්දු තීරණ ගනිද්දී දෙපාරක් හිතන්න වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ වාසනාවන්තම ක්‍රීඩාංගනය විදියට හඳුන්වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය. ගාලු පිටියේ පවත්වලා තියෙන ටෙස්ට් තරඟ 31 න 18 ක් ම ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා. තරඟ 6 ක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තියෙනවා.

හැබැයි ඒ වගේම වාසනාවක් ලංකාවේ ක්‍රිකට් වලට උරුම කරලා දුන්න ගාලු පිටියේ ආයුෂ අවසන් වෙමින් තියෙනවා. ගාලු කොටු පවුරේ ලෝක උරුමය බේරා ගන්න ගාලු පිටිය ඉවත් කරන්න සූදානම් වෙනවා. හැබැයි මේකට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් නම් වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. ගාලු පිටිය ඉවත් කරනවාට විරුද්ධව බුකියේ ලොකු විරෝධයක් එල්ල වෙලා තියෙනවා.

මේ තියෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කරනවාට විරුද්ධව බුකියේ පලවුන ඔක්කොම post.


News Articles
Latest Videos
Most Popular Post