News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

අමරසිරි කලංසූරිය මියගියා කියන කතාව බොරුවක්. FB Status දැමු කිර්ති පැස්කුවෙල් සමාව ගනියි.

1929 Views


අමරසිරි කලංසූරිය මියගියා කියන කතාව බොරුවක්. FB Status දැමු කිර්ති පැස්කුවෙල් සමාව ගනියි.

අමරසිරි කලන්සූරිය කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රයට මහඟු සේවයක් කල කලාකරුවෙක්. හැබැයි මේ වෙද්දී ඔහු ඉන්නේ අසනීප තත්වයෙන්. අමරසිරි කලන්සූරිය මියගියා කියන පුවත ඊයේ වේගයෙන් සමාජ මාධ්‍යවල පැතිරුණා.

එකට හේතුව වුනේ කීර්ති පැස්කුවෙල් මහතා අමරසිරි කලන්සූරිය මිය ගියා කියලා දාපු Facebook පොස්ට් එක. හැබැයි තාමත් අමරසිරි කලන්සූරිය මහතා ජීවතුන් අතර ඉන්නවා කියලා එතුමාගේ පුතා සඳහන් කරා.

ඒ ගැන සැලවීමත් එක්කම කීර්ති පැස්කුවෙල් මහතා සමාව ඉල්ලලා ආයෙත් Facebook සටහනක් තියලා තියෙනවා. එතුමාට තොරතුරු දුන්නේ විශ්වාසවන්තම පුද්ගලයෙක් නිසා අමරසිරි කලන්සූරිය මහතා මියගියා කියලා Facebook සටහනක් දැම්මා කියලයි කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post