මේ දවස්වල ලංකාවේ ක්‍රිකට් වේදිකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම. හැබැයි ක්‍රිකට් වලට ආදරය කරන ඇති බහුතරයක් මේ වැඩේට විරෝධය පළ කරලා තියෙනවා.
අද දහවල් SSC ක්‍රීඩාංගනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් තමයි මේ මාධ්‍ය හමුවට ආවේ. මේ මාධ්‍ය හමුවේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම ගැන මාධ්‍යවේදීන් හේරත්ගෙන් ඇහුවා.
ගාලු ක්‍රීඩාංගනය ඉවත් කිරීම ගැන තමන් කණගාටු වෙනවා කියලා හේරත් කිව්වා. මේ වෙද්දී ඔහු ගාලු පිටියේ කඩුලු 98 ක් දවාගෙන තියෙනවා. කඩුලු 100 සම්පූර්ණ වෙන්න තවත් කඩුලු 2 ක් විතරයි ඕන කියලා හේරත් මේ මාධ්‍ය හමුවේදී සඳහන් කරා.
ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනයට එහෙම නොවෙනවා නම් හොඳයි කියලයි හේරත් අන්තිමටම කිව්වේ. හේරත් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත්ත වමත් දඟ පන්දු යවන්නාට හිමි ලෝක වාර්තාව පිහිටවූයේත් ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී.
https://youtu.be/LFp0_CZisYA