ජපන්නු කියන්නේ ලෝකයේ අනිත් ජාතීන්ට වඩා වෙනස් පිරිසක්. එකනේ ජපනා හපනා කියන්නේ. ඕන වැඩකට ජපනා ඔට්ටුයි. ජපන් ජතිකටන් ඒ වගේ කරපු අපූරු නිර්මාණයක් ගැනයි මේ කියන්න යන්නේ.
හැම අවුරුද්දෙම ජපානයේ ඉනකඩතෙ ග්‍රාමයේ අපූරු ප්‍රදර්ශනයක් තියෙනවා. කුඹුරු වල කරපු නිර්මාණ තමයි මේ විදියට ප්‍රදර්ශනය කරන්නේ. මේ අවුරුද්දේ මේ ප්‍රදර්ශනය වෙන් වුනේ නවෝත්පාදක ‘මැන්ගා’ චිත්‍ර ශිල්පී, තෙසුකා ඔසාමුගේ (Osamu Tezuka) 90 වෙනි ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන්.
තෙසුකාගේ ගොඩක් ජනප්‍රිය ජනප්‍රිය කාටූන් චරිත මේ කුඹුරු චිත්‍රවලින් පිළිබිඹු කරලා තියෙනවා. ‘මැන්ගා’ කියන ජපන් වචනය කොමික් චිත්‍ර සහ කාටූන හැඳින්වීමට යොදා ගන්නවා. තෙසුකා ඔසාමු ඉතා කැපී පෙනෙන සහ නව්‍යෝත්පාදක චිත්‍ර ශිල්පියෙකු මෙන්ම සජීවීකරණ ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකයෙකු විදියට ප්‍රසිද්ධයි.
ඒ නිසා ඔහු මෙම කලාවේ පියාණන් ලෙස විරුදාවලී ලබා තියෙනවා. ඒ වගේම ජපන් ජාතිකයන් ඔහුව වෝල්ට් ඩිස්නිට සමාන කරලා තියෙනවා. ‘Astro Boy’, ‘Princess Knight’ සහ ‘Jungle Emperor Leo’ ඔහුගේ නිර්මාණ අතරින් ගොඩක් ජනප්‍රියයි. තෙසුකා ඔසාමු, 1989 දී උදරයේ ඇතිවූ පිලිකාවකින් මිය ගියා.