News Line| Off Air
Generic placeholder image

Jul
20

මහේල ජයවර්ධන පළමුවරට රජයට බැගෑපත් වෙයි.

2488 Views


මහේල ජයවර්ධන පළමුවරට රජයට බැගෑපත් වෙයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංශකතාවේ වාසනාවන්තම ක්‍රීඩාංගනය විදියට හඳුන්වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය. හැබැයි මේ වෙද්දී ඒ වාසනවට පයින් ගහන්න සූදානම් වෙනවා. ඒ ගාලු ක්‍රිකට් පිටිය ඉවත් කරලා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම ගැන මේ වෙද්දී ලොකු විරෝධයක් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ගෙන් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයනුත් ඒ ගැන කණගාටුව පල කරලා තියෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටිය සුපිරි ක්‍රීඩකයෙක් වගේම විශිෂ්ඨ නායකයෙක් වෙන මහේල ජයවර්ධනත් මේ ගැන Twitter සටහනක් තියලා තියෙනවා. ගාලු පිටිය ඉවත් කරන්න එපා කියලා ශ්‍රී ලංකා රජයෙන් බැගෑපත්ව සහ කාරුණිකව ඉල්ලා සිටිනවා කියලා මහේල Twitter සටහනෙන් කියලා තියෙනවා.

“හරිම කණගාටුයි. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙලා තියෙනවා. ඒ වගේම ජාතික කණ්ඩායමේ වඩාත් සාර්ථකම ස්ථාන වලින් එකක්. මම බැගෑපත්ව සහ නිහතමානීව ඉල්ලා සිටිනවා බලධාරීන්ගෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් මේ තීරණය ගැන නැවත සලකා බලන්න කියලා” කියලයි මහෙට twitter සටහනේ සඳහන් කරලා තියෙන්නේ.

https://twitter.com/MahelaJay/status/1020009462130774016


News Articles
Latest Videos
Most Popular Post