News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

දෙවෙනි ඉනිමට ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක්.

825 Views


දෙවෙනි ඉනිමට ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක්.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද. දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරයට තරඟය නතර කරද්දී ලකුණු 237 ක් ලබා ගෙන හිටියා. ඒ කඩුලු 4 කඩවී.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ ප්‍රහාරයෙන් ගහෙන් වැටුන අප්‍රිකානුවන්ට ලංකාවේ පිතිකරුවන් එලව එලවා පහර දෙනවා. දනුෂ්ක ලකුණු 61 ක් ලබා ගත්තා. දිමුත් කරුණාරත්න ලකුණු 85 ක් රැස් කරා. මැතිව්ස් නොදැවී ලකුණු 53 ක් ලබා ගෙන ඉන්නවා.

මහරාජ් කඩුලු 2 ක් දවා ගත්තා. මේ වෙද්දී ලංකාව දෙවෙනි ඉනිමට ලකුණු 453 ක් ඉදිරියෙන් ඉන්නවා. ඒ කඩුලු 6 ක් අතැතිව.


News Articles
Latest Videos
Most Popular Post