News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

ශ්‍රී ලංකාවට ඇණයක් වුන ෆාකර් සමාන් ලෝක වාර්තාවක් තියයි.

1182 Views


ශ්‍රී ලංකාවට ඇණයක් වුන ෆාකර් සමාන් ලෝක වාර්තාවක් තියයි.

දවසින් දවස ක්‍රිකට් පොතේ වාර්තා අලුත් වෙනවා. ඒ තරමටම තියුණු ක්‍රීඩාවක් බවට ක්‍රිකට් පත්වෙලා. ක්‍රිකට් පතාකයන් විදියට හඳුන්වන සුපිරි පිතිකරු ශි‍්‍රමත් විවියන් රිචඞ්ගේ වාර්තාවක් බිඳ දමන්න පාකිස්තානයේ ෆාකර් සමාන් සමත් වුණා.

ඒ අඩුම තරඟ සංඛාවකදී එක්දින ලකුණු 1000 පසුකළ ක්‍රීඩකයා විදියට. ඔහු මේ හපන්කම කරේ එක්දින තරඟ 18 කදී. මීට කලින් මේ වාර්තාවේ සම අයිතිය දිනා ගෙන හිටිය සුපිරි පිතිකරු ශි‍්‍රමත් විවියන් රිචඞ්, ක්වොන්ටන් ඩි කොක්, කෙවින් පීටර්සන්, ජොනතන් ට්‍රොට් සහ බාබර් අසාම්ට ලකුණු 1000 පහු කරන්න තරඟ 21 ක් වැය වෙලා තිබුණා.

ෆාකර් සමාන් අවසන් ඉනිම් පහේදී ලකුණු 515ක් රැස් කර තිබීමද විශේෂත්වයක්. එය තරගාවලියකදී පිතිකරුවෙකු රැස් කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි. ෆාකර් සමාන්ගේ මංගල එක්දින තරඟය තිබ්බේ ශ්‍රී ලංකාවත් එක්ක. ඒ තරඟාවලියේදී ලංකාවට එලව එලවා පහර දෙන්න ඔහු සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post