News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

අළුගෝසු තනතුරට ලැබෙන වැටුප සහ වරප්‍රසාද මෙන්න.

1592 Views


අළුගෝසු තනතුරට ලැබෙන වැටුප සහ වරප්‍රසාද මෙන්න.

නුදුරේදීම ලංකාවේ ආයෙමත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න නියමතයි. ඒ නිසා මේ වෙද්දී පැත්තකට දාලා තිබ්බ එල්ලුම් ගහේ දළු ඉවත් කරලා පාවිච්චියට ගන්න සූදානම් කරලා තියෙන්නේ. හැබැයි තාමත් අළුගෝසුවෙක් නම තෝරා ගෙන නෑ.

හැබැයි අළුගෝසු තනතුරේ වැටුප් සහ දීමන වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව මෙච්චර කල් අළුගෝසු තනතුරට නියම වුන රුපියල් 35 000 වැටුප රුපියල් 50 000 දක්වා වැඩි කරන්න නියමිතයි. ඒ වගේම නිල නිවසකුත් එම තනතුර හොබවන පුද්ගලයට ලැබෙනවා.

අළුගෝසු තනතුර හොබවන පුද්ගලයට පොලිස් ආරක්ෂාව ලබා දෙන්නත් තීරණය කරලා තියෙනවා. මරණ දණ්ඩනය නියම කරන වාර ගණන් අනුව අළුගෝසුවාට අතිරේක දීමනාවක් දෙන්නත් යෝජනා වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post