News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ පාපැදි සවාරියේ මග පිදුරු වලින් වැසෙයි. – Photo

951 Views


ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ පාපැදි සවාරියේ මග පිදුරු වලින් වැසෙයි. – Photo

උද්ඝෝෂණ, කඳුළු ගෑස්, ජල ප්‍රහාර ලංකාවට නම් අලුත් දෙයක් නෙවෙයි. හැමදාම රටේ කොහේ හරි තැනක ඒ දේවල් සිද්ධ වෙනවා. උද්ඝෝෂණයක් නිසා ලෝකයේ ප්‍රධානම පාපැදි සවාරිය සුළු වේලාවක් නවත්වන්න වෙලා තියෙනවා.

ප්‍රංශ පාපැදි සවාරියේ 16 වෙනි අදියරේදී තමයි මේ බාධකය ඇති වුණේ. 16 වෙනි අදියර වැටිලා තිබ්බේ ප්‍රංශයේ Carcassonne ඉඳලා Bagneres-de-Luchon දක්වා. හැබැයි මේ අදියරේ කිලෝමීටර් 29 ක් විතර යද්දී ගොවීන් පිරිසක් පාර හරස් කරා.

විරෝධතාකරුවන් ට්‍රැක්ටර් සහ පිදුරු මිටි දාලා පාර හරස් කරලා තියෙනවා. ඔවුන්ව විසුරුවන්න පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරා. මේ නිසා පාපැදි සවාරියේ තරඟ කළ තරඟකරුවන්ගේ ඇස්වලටත් හානි සිද්ධ වුණා.


News Articles
Latest Videos
Most Popular Post