ජයග්‍රහණ පිපාසයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කාලයක් හිටියා ඔබට මතක ඇති. ඒ කාලයේදී රංගන හේරත් තනියම ජයග්‍රහණයේ දිය පොදක් කණ්ඩායමට හොයලා දුන්නා.
එළඹෙන එංගලන්ත සංචාරයේදී ක්‍රිකට් වලින් සමුගන්නවා කියලා හේරත් මේ වෙද්දී ප්‍රකාශ කරලා තියෙන්නේ. හැබැයි තාමත් ඔහු වාර්තා තියන එක නම් නතර කරලා නෑ.
ටෙස්ට් තරඟයක 4 වෙනි ඉනිමේදී වැඩිම කඩුලු 5 ඒවා දවා ගත් පන්දු යවන්නා විදියට ලෝක වාර්තාවක් තියන්න හේරත් සමත් වුණා. ඒ අවසන් වුන දකුණු අප්‍රිකාව සමඟ දෙවෙනි ටෙස්ට් තරඟයේදී.
ලෝක පූජිත දඟ පන්දු යවන්නන් වන මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝන් පසු කරමින් මේ වාර්තාව පිහිටුවීම විශේෂත්වයක්. හේරත් අවස්ථා 12 කදී 4 වෙනි ඉනිමේ කඩුලු 5 බැගින් දවාගෙන තියෙනවා. මුරලි සහ ෂේන් වෝන් අවස්ථා 7 කදී විතරයි 4 වෙනි ඉනිමේ කඩුලු 5 බැගින් දවාගෙන තියෙන්නේ.