News Line| Off Air| Games
Generic placeholder image

Jul
26

අද ලග්න 03 කට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

620 Views


අද ලග්න 03 කට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුලි මස 26 වන බ්‍රහස්පතින්දා

මේෂ ලග්නය

කායික ශක්තිය වැඩි දිනයක් ලෙස සැලකෙනවා,කැපි පෙනෙන්නට අවස්ථාව උදාවනවා. ක්‍රියාශීලි  දිනයක් ලෙස දිනය ගත කරනවා. විශේෂ අවස්ථාක් සදහා ආරාධනා ලැබෙනවා.
ජය අංකය-09                                ජය වර්ණය-ලා රෝස 

වෘෂභ ලග්නය

ජල විපත් සිදුවිය හැකි දිනයක් ලෙස සැලකෙනාවා.රිය ධාවනයේදී සැලිකිලිමත් විය යුතුයි එමෙන්ම බිමත්ව රිය පැදවීමෙන් වැළකිය යුතුයි. රිය අනතුරු සිදුවිය හැකි දිනයක්.අධ්‍යාපන කටයුතු සදහා සුබ දිනයක් ලෙස සැලකෙනවා.
ජය අංකය-08                                ජය වර්ණය-ලා තැභිලි

මිථුන ලග්නය

චිත්ත ශක්තිය වැඩි දිනයක් ලෙස සැලකෙනවා.අධ්‍යාපන කටයුතු සදහා සුබ දිනයක් ලෙසේ සැලකෙනවා. කතා බහේදී සංවර විය යුතුයි. විවාහ ජිවිතයේ ගැථළු තිබෙනවානම් එම ගැටළු නිරාකරණය වෙනවා.
ජය අංකය-07                               ජය  වර්ණය-ලා කොළ 

කටක ලග්නය

පාඩම් වැඩ කටයුතු සදහා සුබ දිනයක් ලෙස සැලකෙනවා. මතක ශක්තිය වැඩිවන අතර,කථා බාහේදී සහා වචන බාවිතයේදී සැලිකිලිමත් විය යුතුයි. තම සෞඛ්‍ය තත්වය ගැන සලකිලිමති වියයුතු වනවා.
ජය අංකය-06                               ජය  වර්ණය-සුදු 

සිංහ ලග්නය

ඇතිවී තිබෙන ගැටළු සාධාරණ ආකාරයට නිරාකරණය කිරීමට අවස්ථාව හිමිවනවා.පසුගිය දින කිහිපයෙදී අතපසු වූ වැඩ කටයුතු  කිරීමට හැකියාව හිමිවනවා. අධ්‍යාපන කටයුතු සදහා සුබ දිනයක් ලෙසේ සැලකෙනවා
ජය අංකය-05                                ජය වර්ණය-ලා රෝස 

කන්‍යා ලග්නය

ගේ දොර,ඉඩම්,රථ වාහන මිලිදී ගැනීම සදහා ඔබ අපේක්ෂා කරනවනම්,ඒවා සොයාබැලීමට හොද දිනයක් ලෙස සැලකෙනවා.ගේ දොර තුල වාසු දෝෂ තිබුනනම්,ඒවා පිළිසකර කර ගැනීමට අවස්ථාව හිමිවනවා. විනොද ගමම්න් යාමට අවස්ථාව ලැබෙන අතර ක්‍රීඩාශීලි දිනයක් ගත කරන්නට අවස්ථාව හිමිවනවා.
ජය අංකය-04                               ජය  වර්ණය- ලා කොළ 

තුලා ලග්නය

කරුණාවන්ත ලෙස දිනය ගත කරනවා. දෙමාපිය උරුම ලැබෙන දිනයකි. වෙලදාම් තුලින් ලාබ ලැබෙන දිනයකි.අතිරේක ව්‍යාපාර ආරම්භ කිරීමට සිත යොමුවන දවසකි.
ජය අංකය-03                              ජය  වර්ණය- ඇත් දළ වර්ණය 

වෘශ්චික ලග්නය

 

අධික ලාභ ලැබෙන දිනයකි. දවසේ සියලුම වැඩ කටුයතු සදහා  නිර්භීතව මුහුණ දීමට හැකියාව ලැබෙනවා.අගාමනුකුලාව දවසේ වැඩ කටයුතු සිදුකරයි
ජය අංකය-02                               ජය  වර්ණය-ලා දම්

ධනු ලග්නය

පවිත්‍ර සිතින් දවස ආරම්භ කරයි.තර්ක ශක්තිය ඇතිවන දිනයක්.රස අහාර ලැබෙන දිනයක්.රැකියාවේ නව තනතුරු ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.ප්‍රේම සම්බන්ධතා ඇතිවන දිනයක්.
ජය අංකය-01                              ජය  වර්ණය-ලා කහ

මකර ලග්නය

සිත පාලනය කර ගත යුතුයි දිනයක්.බධා ජය ගැනීමට හැකිවනවා.ඉවසීම ප්‍රගුණ කල යුතු දිනයක් ලෙස සැලකෙනවා.යම් දෙයක් අත්සන් කිරීමේදී කලපනකාරී විය යුතුයි.
ජය අංකය-03                              ජය  වර්ණය-ලා දම් 

කුම්භ ලග්නය

ඉවසීම ප්‍රගුණ කරණ දිනයක්. අධ්‍යාපන කටයුතු සදහා සුබ දිනයක් ලෙසේ සැලකෙනවා.විවාහ ජිවිතේ ගැටළු නිරාකරනය කර ගැනීමට අවස්ථාව හිමිවනවා.
ජය අංකය-02                              ජය  වර්ණය-ලා නිල් 

මීන ලග්නය

නව අත්දැකීම ලැබෙන දිනයක් ලෙස සැලකෙනවා.පරණ මිතුරන් හමුවනවා.විනෝද ගමනක් හෝ වන්දනා ගමනක් යාමට අවස්ථාව හිමිවනවා.සමාජ සේවය කිරීමට සිත යොමුවනවා .
ජය අංකය-01                              ජය  වර්ණය-ගුරු වර්ණය 


News Articles
Latest Videos
Most Popular Post