පහුගිය දා ශ්‍රීපාද අභය භූමියේදී අතුරුදහන් වුන දරුවා හොයන මෙහෙයුම් නවත්වලා තියෙනවා. ඒ දින 5 ක් මෙහෙයුමක් කරලත් මේ දරුවා හොයා ගන්න බැරි වුන නිසා. බළන්ගොඩ සමනලවත්තේ පදිංචි සහන් කුමාර ධර්මසිරි කියන දරුවා තමයි මේ විදියට අතුරුදහන් වෙලා තියෙන්නේ.
හැබැයි ඒ වෙනුවට විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ දරුවා හොයන මෙහෙයුමක් පහුගිය 24 වෙනිදා ආරම්භ කරා. න සතෙකුගෙන් දරුවාට හානියක් වෙලා තියෙනවද, එහෙම නැත්නම් දරුවාට වෙනත් කරදයක් වෙළද කියලා මේ මෙහෙයුමෙන් හොයනවා.
මීට කලින් මෙහෙයුමට කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරීන්, සෙබළුන් ඇතුළු පනස් දෙනෙකුගෙන් යුතු කණ්ඩයමක් එකතු වුණා. ඒ වගේම රත්නපුර, බළන්ගොඩ සහ වේවැල්වත්ත යන පොලිස් ස්ථානවල නිලධාරීන් කණ්ඩායමක් හා ප්‍රදේශවාසීන් එකතු වෙලා විශාල ප්‍රදේශයක් සෝදීසි කරත් දරුවා ගැන හොදුවාවක්වත් හොයා ගන්න බැරි වුණා.