News Line| Off Air
Generic placeholder image

Jul
27

හෙට ඉඳන් කොළඹ කළුවරේ. හේතුව මෙන්න.

1015 Views


හෙට ඉඳන් කොළඹ කළුවරේ. හේතුව මෙන්න.

හෙට ඉඳලා ලබන 31 වෙනිදා වෙනකන් කොළඹ කළුවරේ තියන්න විදුලි බල මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ඒ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීම් කටයුතු නිසා.

මහ කොළඹ සම්පේ‍්‍රෂණ සහ බෙදාහැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ තමයි මේ අලුත්වැඩියා කිරීම් කරන්නේ. මේ විදුලි කප්පාදුව අද සිදු කරන්න තමයි නියමිත වෙලා තිබ්බේ.

හැබැයි මේ නඩත්තු කිරීම් හෙට දවසේදී කරන්න විදුලිබල මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ජූලි 31 වෙනිදා දක්වා කඩින් කඩ විදුලි කප්පාදු කිරීම් කරනවා කියලයි විදුලිබල මණ්ඩලය දැනුම් දෙන්නේ.

මේ තියෙන්නේ හෙට විදුලිය කප්පාදු කරන කොළඹ ප්‍රදේශ.

කොළඹ 03 ( ගාලූ පාර, එඩ්වඩ් මාවත, ග්ලෙන් අබිර් පෙදෙස, 8වන පටුමග, පාසල් මාවත, ඇල්ෆ‍්‍රඩ් හවුස් ගාර්ඩන්ස්, පහළ බගතලේ පාර, බගතලේ පාර)

කොළඹ 04 (ගාලූ පාර, ඉන්ද්‍රා මාවත, හයි පාර, ඩේසිවිලා ඇවනි්‍යු, ඩිවෝස් ඇවනියු, වජිර පාර, ආර් ඒ ද මෙල් මාවත, මිලාගිරිය ඇවනියු, බම්බලපිටිය ටෙරස්, රෙට්රීට් පාර, ශ්රුබෙරි ගාර්ඩන්ස්, උපතිස්ස මාවත, ලොරිස් ලේන්, බෞද්ධාලෝක මාවත, දුම්රියපොල පාර, ආතර්ස් පෙදෙස, මැජෙස්ටික් ඇවනියු, ටෙ‍්‍රලවන්නි පෙදෙස, ජාවත්ත පාර)

කොළඹ 05 (තිඹිරිගස්යාය පාර, අයින්ට‍්‍ට්‍රි මාවත, කිරුළ පාර, චිත‍්‍රා පටුමග, සිරිපා පාර, කැප්පෙටිපොළ මාවත)

කොළඹ 07 ( ටොරින්ටන් ඇවනියු, මිට්ලන්ඩ් ප්ලේස්, විජේරාම මාවත , විද්‍යා මාවත , බෞද්ධාලෝක මාවත, නිදහස් මාවත , ස්ටැන්ලි විජේසුන්දර මාවත , මලලසේකර මාවත)

කොළඹ 08 ( ඇල්විටිගල මාවත, කිතුල්වත්ත පාර, නාරාහේන්පිට පාර, මොඩල් ෆාම් පාර, මංගල පාත්, ගජබා පාර, බේස්ලයින් පාර, ඩී එස් සේනානායක මාවත , ඩඩ්ලි සේනානායක මාවත)


News Articles
Latest Videos
Most Popular Post