News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
27

දකුණු අප්‍රිකානුවන් ලංකාවට ක්‍රිකට් පුහුණු කරයි. – Photo

3749 Views


දකුණු අප්‍රිකානුවන් ලංකාවට ක්‍රිකට් පුහුණු කරයි. – Photo

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟාවලිය ලබන 29 වෙනිදා ආරම්භ වෙනවා. ඉටා කලින් පුහුණු තරඟයක් ඊයේ පවත් වුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර. මේ තරඟයෙන් ලකුණු 63 ක ජයක් ලබා ගන්න අප්‍රිකානුවන් සමත් වුණා.

මුලින්ම ලකුණු රැස් කළ දකුණු අප්‍රිකාව සියලු දෙනාම දැවී ලකුණු 293 ක් ලබා ගත්තා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල නායක ප්ලෙසී ලකුණු 71 යි. ඔහුගේ ඉනිමට් 4 පහර 10 කසහ 6 පහරක් ඇතුලත් වුණා. ඩේවිඩ් මිලර් ලකුණු 40 යි. හෙන්ඩ්‍රික්ස් ලකුණු 59 යි. Mulder ලකුණු 56 යි. අසිත ප්‍රනාන්දු සහ නිශාන් පීරිස් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ලකුණු 294 ක් ඉලක්කයක් හඹා ගිය ලංකාවට සියලු දෙනාම දැවී ලකුණු 230 ක් විතරයි ලබා ගන්න පුළුවන් වුණේ. ටෙස්ට් තරඟාවලියේදී අප්‍රිකානුවන්ට පිත්තෙන් බැට දුන්න දිමුත් මේ තරඟයේදීත් ලකුණු 50 ක් ලබා ගත්තා. නායක ධනංජය ද සිල්වා ලකුණු 36 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඉසුරු උදාන 6 පහර 3 ක සහ 4 පහර 5 ක් සමඟින් ලකුණු 53 ක් ලබා ගත්තා.

ශම්සි සහ Mulder කඩුලු 3 බැගින් දවා ගත්තා.

 


News Articles
Latest Videos
Most Popular Post