News Line| Off Air
Generic placeholder image

Jul
28

ශ්‍රී ලංකාව නිසා සිහින බොඳ වුන සුපිරි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරයි.

4650 Views


ශ්‍රී ලංකාව නිසා සිහින බොඳ වුන සුපිරි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරයි.

දකුණු අප්‍රිකාවේ ප්‍රභලම වේග පන්දු තුරුම්පුවක් තමයි ඩේල් ස්ටේන්. හැබැයි ශ්‍රී ලංකාව එක්ක ටෙස්ට් තරඟාවලියේදී මේ තුරුම්පුව වැඩ කරේ නෑ. ලංකාවේ පිතිකරුවන් ඩේල් ස්ටේන්ට එලව එලවා පහර දුන්නා.

ශ්‍රී ලංකාව එක්ක තියෙන එක්දින තරඟාවලියටත් ඩේල් ස්ටේන් නම් කරලා නෑ. මේ නිසා 2019 ලෝක කුසලානයෙන් පස්සේ එක්දින සහ T20 තරඟ වලින් සමුගන්නවා කියලා ඩේල් ස්ටේන් ප්‍රකාශ කරා.

2016 ඉඳලා අවුරදු 2 කින් ඔහු එක්දින තරඟ ක්‍රීඩා කරලා නෑ. “මම ලෝක කුසලානයට උත්සහා කරනවා. හැබැයි ඊට පස්සේ මම දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින තරඟ ක්‍රීඩා කරන්නේ නෑ. මොකද ඊළඟ ලෝක කුසලනය වෙද්දී මට අවුරුදු 40 ක් වෙනවා.” කියලයි ඩේල් ස්ටේන් කිව්වේ.

කොහොම වුනත් පුළුවන් කාලයක් ටෙස්ට් තරඟ වලට ක්‍රීඩා කරනවා කියලයි ඩේල් ස්ටේන් කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post