රටකින් රටකට සතෙක් හරි පැළයක් හරි ගෙනියනවා නම් අනුගමනය කරන්න ඕන විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. එකට විශේෂ අවසරයක් ගන්න ඕන. අනවසරයෙන් ලංකාවට බල්ලෙක් අරගෙන ආව කුවේට් යුවලක් නිසා ලංකාවේ රේගු නිලධාරීන්ට ලොකු අකරතැබ්බයක් වෙලා තියෙනවා.
කුවේට් යුවල අරගෙන ආපු බල්ලා සත්ත්ව නිරෝධන රෙගුලාසි යටතේ රෙගු නිලධාරීන් රඳවාගෙන. පැය 24 කින් ඇවිත් අරගෙන යන්න කියලා. ඒ වෙලාවේ එම යුවල කාර්ය බර රේගු නිලධාරියාට පහරදීලා පැනලා යන්න හදලා තියෙනවා.
මේ නිසා ඔවුන්ව අත්අඩංගුවට ගන්න යද්දී තවත් රේගු නිලධාරීන් 5 දෙනෙක්ට ඔවුන් පහර දීලා තියෙනවා. කොහොම වුනත් ඒ යුවල ගුවන්තොටුපල පොලීසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ප්‍රහාරයට ලක්වුන මිලධාරී මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා.