News Line| Off Air
Generic placeholder image

Jul
28

කුඩු සහ බෝම්බ හොයන්න ලෝකයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා යුධ හමුදාවට මුගටි බලකායක්. – Photo

20321 Views


කුඩු සහ බෝම්බ හොයන්න ලෝකයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා යුධ හමුදාවට මුගටි බලකායක්. – Photo

අතීතයේ ඉඳන්ම හමුදා මෙහෙයුම් වලට සතුන් යොදා ගත්තා. අශ්වයින් සහ අලි යුද්ධයට යොදා ගත්තා කියලා අපේ ඉතිහාස කතා වල සඳහන් වෙනවා. ඒ වගේම බල්ලන් හමුදා මෙහෙයුම් වලට යොදා ගන්න එක තාමත් ලෝකය පුරාම සිද්ධ වෙන දෙයක්.

හැබැයි ශ්‍රී ලංකා යුධ හමුදාව ලෝකයේ කොහෙවත් හමුදා මෙහෙයුම් වලට භාවිතා නොකරපු සතෙක් යොදා ගෙන බලකායක් හදන්න යනවා. ඒ තමයි මුගටියා. ලෝකයේ පළවෙනි වතාවට තමයි මේ විදියට මුගටි බළකායක් නිර්මාණය කරලා තියෙන්නේ.

යුද හමුදා පර්යේෂණ හා විශ්‍ලේෂණ ශාඛාවේ ප්‍රධානියා වූ මේජර් ජෙනරාල් රේණුක රොවෙල්ගේ මග පෙන්වීමෙන තමයි මේ අපූරු වැඩේ ආරම්භ කරලා තියෙන්නේ. බල්ලන්ටත් වඩා වැඩි බුද්ධියක් මුගටින්ට තියෙනවා. ඒ වගේම මුගටියා පහසුවෙන් හීලෑ කරන්න පුළුවන් වගේම ජනාකීර්ණ ප්‍රදේශවල පහසුවෙන් හසුරුවන්නත් පුළුවන්. මේ පරීක්ෂණයට ලංකාවේ අළු මුගටියා තමයි යොදා ගෙන තියෙන්නේ.

පුපුරන ද්‍රව්‍ය හොයද්දි සුනඛයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි සිරස් අතට ඉව අල්ලන්න බැරි එක. හැබැයි මුගටියන්ට ඒ වැඩේ පහසුවෙන්ම කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුගටියෙක්ගේ අවුරුදු 15 ක ආයු කාලයෙන් අවුරුදු 10 ක් පුපුරණ ද්‍රව්‍ය හොයන්න යොදා ගන්න පුළුවන්. අළු මුගටියා මේ වැඩේට වඩාත් හොඳයි

කොහොම වුනත් මේ වැඩේ පටන් ගනිද්දී ලේසි වෙලා නම් නෑ. මුලදී අල්ලගෙන ආපු මුගටියන් පැනලා යන්න වගේම පුහුණුකරුවන් සපා කන්නත් හදලා තියෙනවා. ඒ වගේම කෑම විසවෙලා මුගටියන් 4 දෙනෙක් මිය ගිහින් තියෙනවා. මේ නිසා පිටරටින් විශේෂ කෑම මුගටින වෙනුවෙන්ම ගෙන්නලා තියෙනවා.

මුලින් වව්නියාවේ කැළෑ වලින් අල්ල ගත්ත මුගටියන් මේ වැඩේට යොදා ගත්තත් හරි ගිහින් නෑ. ඒ නිසා වෙනවමම මුගටි පැටවුන බෝකරලා තමයි මේ බලකාය හදන්න ඕන මුගටි යොදාගෙන තියෙන්නේ.

මාස ගණනක් පුහුණුවීම් වලින් පස්සේ “බිංදු” කියන මුගටියා සාර්ථක ප්‍රතිඵල ඇත කර ගෙන තියෙනවා. බිංදු මින්නේරියේ නිවසක හුරතලේට හදපු සතෙක්. හමුදාවේ මේ පර්යේෂණයට බිංදුව දීලා තිබ්බා.

දවසකට එක සතෙකුට මස් ග්‍රෑම් 100 ක් දෙනවා. හැබැයි පුහුණුවීම් කරන දවසට මස් ග්‍රෑම් 50 ක් විතරයි දෙන්නේ. උදේ 8.00 ට සහ හවස 3.30 ට කෑම දෙන වෙලාව එද්දී මේ මුගටි සොල්දාදුවන් කූඩුව ඉස්සරහට ඇවිත් ඉන්නවා.

සාමාන්‍යයෙන් සුනඛයෙක් පුපුරන ද්‍රව්‍ය හොයා ගත්තම බෝලයක් දීලා අගය කරනවා. හැබැයි මුගටියෙක් පුපුරණ ද්‍රව්‍ය හොයා ගත්තම “ෂයින්” යන වචනය කියලා කිරි සහ බිත්තර සහිත ආහාරයක් දෙනවා.

සුනඛයෙක් පුපුරණ ද්‍රව්‍ය හොයන්න නඩත්තු කරන්න රුපියල් 18,000 ක් විතර මාසෙකට වැය වෙනවා. හැබැයි මුගටියෙක් නඩත්තු කරන්න මාසෙකට 5000 ක් විතරයි වැය වෙන්නේ. ඒ වගේම මුගටියන් ඕනෑම පරිසරයක මෙහෙයුම් වලට යොදා ගන්න පුළුවන්.

මේ විදියට පුහුණු කරපු මුගටියන් ඉදිරියේදී ප්‍රභූ ආරක්ෂාවට වගේම ගුවන්තොටුපලේ ආරක්ෂක කටයුතු වලටත් යොදවන්න නියමිතයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හොයන්නත් මේ මුගටි බළකාය ඉදිරියේදී යොදා ගන්න නියමිතයි.

මේජර් ජෙනරාල් රේණුක රොවෙල්ගේ අධීක්ෂණය යටතේ මේජර් බණ්ඩාර ධම්මන්තොටට මේ ව්‍යාපෘතිය භාර දීලා තියෙනවා. කපිතාන් ගයනාත් ජයතිලක පුහුනුව්වෙම් බාරව ඉන්නවා. කර්නල් මනෝජ් මධුරප්පෙරුම මෙම කණ්ඩායම් මෙහෙයවනවා.

රිවිර පුවත්පත ඇසුරෙන්.


News Articles
Latest Videos
Most Popular Post