News Line| Off Air
Generic placeholder image

Jul
29

මේ සම්ප්‍රදාය නිසා පිරිමි ඔබ කවදාවත් දකුණු කොරියාවේදී නම් කසාද බඳින්න හිතන එකක් නෑ. (VIDEO)

3081 Views


මේ සම්ප්‍රදාය නිසා පිරිමි ඔබ කවදාවත් දකුණු කොරියාවේදී නම් කසාද බඳින්න හිතන එකක් නෑ. (VIDEO)

වර්තමානයේ තියෙන විවාහ උත්සව වලදී මනාලියට සහ මනාලයාට මුහුණදෙන්න වෙන දෙයක් තමයි රැග් වෙන එක. ගොඩක් වෙලාවට මනාලියගේ හරි මනාලයාගේ හොඳම යාලුවෝ ටික එකතුවෙලා තමයි මේ වැඩේ කරන්නේ. එත් මේ රැග් කිරීම ගැන අපූරු කතාවක් දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා. ඇත්තටම කිව්වොත් මේක රැග් කිරීමක් විදිහට අපට පෙනුනත්, මේක ඒ රටේ සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදාය 16 වෙනි සියවසේ ඉඳලා පැවැතගෙන එන අරුම පුදුම සම්ප‍්‍රදායයක්.

වැඩේ වෙන්නේ මේ විදියටයි. විවාහ උත්සවය දවසේ සිරිත් විරිත් කටයුතු අවසන් වුණාට පස්සේ මනාලයාව බිම දිගා කරලා කකුල් දෙක රෙදි පටියකින් ගැට ගහනවා. ඊට පස්සේ හම් පටියක් අරගෙන පතුල් දෙකට වැරෙන් පහර එල්ල කරනවා. ඉස්සර කාලේ නම් මේක කළේ විවාහය පැවැත්වෙන පූජනීය ස්ථානය ඉදිරියේ තිබෙන පිට්ටනියක. එත් දැන් මේ සම්ප‍්‍රදාය ඉටු කරන්නේ විවාහය පැවැත්වෙන හෝටලයේ ඉඳලයි. මේ සම්ප‍්‍රදාය පවත්වන්න හේතු වෙලා තියෙන්නේ මනාලයාට කොයිතරම් දුරට ඉවසීමක් සහ දරා ගැනීමේ හැකියාවක් තියෙනවාද කියලා හරියටම දැන ගන්නයි.

 


News Articles
Latest Videos
Most Popular Post