News Line| Off Air| Games
Generic placeholder image

Jul
29

“මම කතෝලික ආගමේ. බෞද්ධ දර්ශනය කොයි තරම් සත්‍යයක්ද කියලා ඒ ලිපිය කියවද්දී මට හිතුණා.” – රන්ධීර් බුදු දහම වැළඳගනීවිද?

2038 Views


“මම කතෝලික ආගමේ. බෞද්ධ දර්ශනය කොයි තරම් සත්‍යයක්ද කියලා ඒ ලිපිය කියවද්දී මට හිතුණා.” – රන්ධීර් බුදු දහම වැළඳගනීවිද?

තමන්ටම ආවේණික සංගීත රටාවක් තුළින් ගායනයට පිවිසිලා, ජනප්‍රිය ගායකයන් අතරට එක් වුන ගායකයෙක් තමයි රන්ධීර් විතාන. ඔය අතරේ මේ දවස්වල රන්ධීර්ගේ අලුත්ම Music Video එකක් බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. රන්ධීර්ට ආදරය කරන රසික පිරිසක් ඔහුගේ අලුත්ම තොරතුරු දැනගන්න කැමති ඇති. මේ තියෙන්නේ ඔහු සති අන්ත පුවත්පතකට කියපු ඔහුගේ අලුත්ම තොරතුරු.

ඔබේ අලුත් ගීතයට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

මගේ අලුත්ම ගීතය වන සුදු කිරිල්ලියේ ගීතය හා එහි Music Video එකට හිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. පහුගිය දවස්වල ඇති වූ සිංහල මුස්ලිම් ප්‍රශ්නය තේමා කරගෙනයි මේ Music Video එක නිර්මාණය කළේ. හැමෝම මනුෂ්‍යයෝ කියන පණිවුඩය ආදරයත් එක්ක ලබා දුන් ගීතයක් තමයි එය.

ඔබ නිතර නිතර අලුත් ගී එළි දක්වන ගායකයෙක් ‍නෙවෙයි නේද?

මගේ පළමු ගීතය නාමල් මිටක් මම එළි දැක්වුවේ. 2007දී. 2008 මගේ පළමු ගීත ඇල්බමය කළා. වසර දහයට මම මගේම ගීත 20ක් විතර තමයි කරලා තියෙන්නේ. ඒ අතරින් ගීත 6ක් විතර ජනප්‍රිය වෙලා තියෙනවා. මම නිතර නිතර අලුත් ගීත කරන්නේ නැහැ. ඉඳහිට තමයි ගීතයක් නිර්මාණය කරන්නේ. මගේ පූර්ණ කාලය සංගීතය ‍නෙවෙයි මගේ ව්‍යාපාර කටයුතු කරන අතර තමයි මම සංගීතය තුළ රැඳිලා ඉන්නේ.

භාතිය සන්තුෂ්, අශාන්ති කියන අය රන්ධීර්ගේ සංගීත ජීවිතයට මොන විදියටද සම්බන්ධ වෙන්නේ?

මමයි සන්තුෂුයි දෙන්නා ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විදුහ‍ලේ. භාතිය අශාන්ති දෙදෙනාමත් ඒ දවස්වල ඉඳන්ම අපේ යාළුවෝ එක් එක් සංගීත කටයුතුවලදී අපි නිතර මුණ ගැහෙනවා. භාතිය, අශාන්ති සංගීත ක්‍ෂේත්‍රයට ඇවිත් ජනප්‍රිය වුණා. මටත් ගායනයට ඇවිත් ජනතාව අතරට යන්න එයාලා ලොකු ශක්තියක් වුණා.

ඔබ මේ දවස්වල බෞද්ධ දර්ශනය ගැන උනන්දුවක් දක්වන බව ආරංචියි?

මම කතෝලික ආගමේ. අන්තර්ජාලය තුළින් අහම්බෙන් මට බෞද්ධ දර්ශනය ගැන ලිපියක් කියවන්න ලැබුණා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ධර්මතා අපේ ජීවිතවලට බද්ධ වෙලා තියෙන එක කොයි තරම් සත්‍යයක්ද කියලා ඒ ලිපිය කියවද්දී මට හිතුණා. දැන් මම බෞද්ධ දර්ශනයට අදාළ ගැඹුරු කරුණු ගැන හොයන්න උනන්දු වෙලා තියෙනවා.

රන්ධීර්ගේ ගායන කුසලතා අපි දකිනවා. මතු දවසක රංගනයට එන්න එහෙම අදහසක් නැද්ද?

දැනට නම් එහෙම අදහසක් නැහැ. එහෙම එනවා නම් අනිවාර්යයෙන්ම හැදෑරීමක් කරලා තමයි එන්නේ.

ආදරය ගැන මොනවාද කියන්න තියෙන්නේ?

දැනට මම ආදරය කරන්නේ මගේ සංගීත කටයුතුවලට විතරයි. ආදරය කියන දේ මම විශ්වයට භාරදීලා තියෙන්නේ. සුදුසු කෙනා සුදුසු වේලාවට මේ විශ්වය තුළදී මට හමු වෙයි.


News Articles
Latest Videos
Most Popular Post